යටත්විජිත අවදියේ දී පිහිටුවනු ලැබූ ලංකා ගුවන් විදුලි සේවය සුදු ජාතිකයි...
විද්‍යුත් සන්නිවේදනයේ ප්‍රමුඛස්ථානයේ වැජඹෙන මාධ්‍යය වන්නේ ගුවන් විදුලි...
The Sri Lanka Broadcasting Corporation to this day...
යටත්විජිත අවදියේ දී පිහිටුවනු ලැබූ ලංකා ගුවන්
විදුලි සේවය සුදු ජාතිකයින්ගේ කි‍්‍රකට් කී‍්‍රඩා තරග පිළිබඳ විස්තර එදා ප්‍රචාරය
කළේ ඉංගී්රසි භාෂාවෙනි. ජාතික නිදහස පිළිබඳ රට අවදි වීමත් සමග කි‍්‍රකට් කී‍්‍රඩාව
දේශීයකරණය කිරීමට මුල පිරුවේ ලංකා ගුවන් විදුලි සේවයයි. ඒ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩාවට
අතහිත දීමෙනි. 1996
කි‍්‍රකට් උපන් රටවල් ද අභිබවා ලෝක කි‍්‍රකට් ශූරතාව දිනා ගැනීමේ හැකියාව ඇති
ජාතික කි‍්‍රකට් කණ්ඩායමට කී‍්‍රඩකයින් තෝරාගනු ලැබුවේ අපේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයින්
අතුරිනි. ඔවුන්ගේ කි‍්‍රකට් ශූරතා වඩාත් ජවසම්පන්න කළේ ලංකා ගුවන් විදුලිය
සිංහලෙන් කි‍්‍රකට් විස්තර ප්‍රචාරය ආරම්භ කිරීමෙන් ලත් ධෛර්යයෙනි. එසේම පාසල්
මට්ටමින් කි‍්‍රකට් කී‍්‍රඩා කළ අයට, කී‍්‍රඩා සමාජවලට සම්බන්ධ වී කී‍්‍රඩා කිරීමට
පුළුවන් වූයේ ද ගුවන් විදුලියේ දිරිගැන්වීම නිසා බවට සැකයක් නැත. ජනසතු සේවා, වෙළෙඳ සේවා, අන්තර් සමාජ, අන්තර් පළාත් ආදී තරගවල විස්තර ප්‍රචාර මෙන්ම
තත්ව විස්තර වාර්තා සහ දක්ෂකම් දක්වන කී‍්‍රඩකයින් පිළිබඳ කතාබහ කළේ ද අපේ ගුවන්
විදුලියයි.
කී‍්‍රඩා සේවය ආරම්භ වෙයි
1978 සැප්තැම්බර් මාසයේ දී ගුවන් විදුලියේ කී‍්‍රඩා
සේවය පිහිටුවනු ලැබීය. ප්‍රථම කී‍්‍රඩා අධ්යක්ෂවරයා ලෙස කාල්ටන් සෙනෙවිරත්න
මහතා පත්විය. කී‍්‍රඩා සේවය තුළින් එතෙක් ඉංගී්රසි බසින් හා සිංහල බසින් වෙන
වෙනම පවත්වා ගෙන ගිය විස්තර ප්‍රචාර වෙනුවට සිංහල විනාඩි 20 ක්, ඉංගී්රසි විනාඩි 20 ක් වශයෙන් එකම සේවාවක විස්තර ප්‍රචාරය ආරම්භ
විය. එය අද වන විට පන්දු ඕවර පහක් සිංහල
හා පන්දු ඕවර පහක් ඉංගී්රසි ලෙස වෙනස්
වී ඇත. කී‍්‍ර‍්‍රඩා සේවයේ ආරම්භයත් සමග සියලූම කී‍්‍රඩා පිළිබඳව කතා කිරීමට ගුවන්
විදුලිය කටයුතු කළේය. සමස්ත ලංකාවේම ජනතාව කී‍්‍රඩාව කෙරෙහි වැඩි අවධානයක්
දැක්වූහ. මේ වන විට ඉතා දක්ෂ වෘත්තීය විස්තර ප්‍රචාරකයන්ගෙන් ශී‍්‍ර ලංකා ගුවන්
විදුලි සංස්ථාව සන්නද්ධ වී ඇත. වෙනත් මාධ්‍යවල කි‍්‍රකට් විස්තර ප්‍රචාර කළත්, ගුවන් විදුලියේ වාග්කෝෂය,
ප්‍රකාශන ලීලාව සහ පූර්වාදර්ශය නොසලකා, නොතකා එම කාර්යය කිරීමට කිසිවකුට පුළුවන්කමක්
නැත.
මේ ආකාරයෙන් අප රටේ ජනපි‍්‍රය වූ කි‍්‍රකට් කී‍්‍රඩාව
ඇත්තෙන්ම අපට පමණක් නොව, සමස්ත
ආසියාවටම ආගන්තුක යුරෝපාකරයේ කී‍්‍රඩාවකි. බැහැරින් ආ ‘ආගන්තුක කී‍්‍රඩාවක්’ අපේ
ගම්මැද්දට, කමතට, ඉපනැල්ලට ගියේ කෙසේ ද?
කි‍්‍රකට් කී‍්‍රඩාවේ ආරම්භය හා ලොව පුරා විකාශය
වීම මෙසේ සිදුවන අතර,
ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් තරගයක් පිළිබඳව මුලින්ම
වාර්තා වන්නේ විදේශීය නෞකාවක්
ශී‍්‍ර ලංකාවේ නැංගුරම් ලා සිටිය දී කොළඹ
සී.සී.සී. කී‍්‍රඩාංගණයේ දී ඔවුන් කි‍්‍රකට් කී‍්‍රඩා කර ඇති බවයි. මෙය ශී‍්‍ර
ලංකාවෙන් වාර්තා වන මුල්ම තරගයයි. ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ කැපී පෙනෙන
සන්ධිස්ථානයක් වූයේ 1982
වර්ෂයේ දී ශී‍්‍ර ලංකාව බන්දුල වර්ණපුරගේ නායකත්වයෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමයි. 1996 වර්ෂයේ දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ලෝක
කුසලාන කි‍්‍රකට් ජයග්‍රහණය ලබා ගැනීම
ශී‍්‍ර ලාංකේය කි‍්‍රකට් හි මෙතෙක් වාර්තා වූ
සුවිශේෂිතම සිදුවීමයි. එය කි‍්‍රකට් කී‍්‍රඩාව
ශී‍්‍ර ලංකාව තුළ ආර්ථික වශයෙන් ඉහළ ස්ථානයකට
පැමිණීම හා ඉහළ පිළිගැනීමක් ලබා ගැනීමට හේතු විය.
අනෙකුත් කී‍්‍රඩාවන් හා සසැඳීමේදී ශී‍්‍ර ලංකාව
තුළ කි‍්‍රකට් කී‍්‍රඩාව ඉහළ ජනපි්රයතාවයකින් යුතුව අනෙකුත් කී‍්‍රඩාවන් අභිබවා
සිටී. අස්සක් මුල්ලක් නෑර දිවයිනේ ඕනෑම ප්‍රදේශයක
කි‍්‍රකට් කී‍්‍රඩා කරන දරුවන් දැකීම සුලභ දර්ශනයකි. ජනතාව අතරට කි‍්‍රකට් කී‍්‍රඩාව
එතරම්ම ගමන් කළේ ශී‍්‍ර ලංකා ගුවන් විදුලිය නිසා යැයි කීම අතිශයෝක්තියක් නොවේ.
රඝුනාත් වීරසූරිය
1960 වර්ෂයේ දී ආනන්ද, නාලන්ද දෙදින කි‍්‍රකට් තරගයේ අවසාන දිනය වූ
ඉරිදා කරුණාරත්න අබේසේකර මහතා විසින් සවස 17.00 - 18.00 දක්වා කාලය තුළ ප්‍රචාරය වන ‘සරස්වතී මණ්ඩපය’
වැඩසටහන තුළින් කි‍්‍රකට් තරගයේ කි‍්‍රකට් විස්තර ප්‍රචාරය මුලින්ම ලබා දී ඇත.
ගුවන් විදුලි පන්දුවෙන් පන්දුව කි‍්‍රකට් විස්තර
ප්‍රචාර ආරම්භ වූයේ 1963
මාර්තු මාසයේ දින දෙකක් පුරා පැවැති ආනන්ද - නාලන්ද කි‍්‍රකට් තරගයෙනි. එම දින
දෙකෙහි ආරම්භක පන්දු ඕවරයේ සිට අවසාන
පන්දු ඕවරයේ අවසන් පන්දුව දක්වාම කි‍්‍රකට්
විස්තර ප්‍රචාරය කෙරිනි. එම විස්තර ප්රචාරයට පාලිත පෙරේරා මහතා සමග ආනන්දයේ
විද්‍යා ගරුවරයෙකු වූ රඝුනාත් වීරසූරිය මහතා ද එක් විය. වත්මන් කි‍්‍රකට් විස්තර ප්රචාරයේ
ආරම්භය එයයි.
කි‍්‍රකට් කී‍්‍රඩාවේ ආරම්භක අවස්ථාවේ දී විස්තර
ප්‍රචාරය ඉංගී්රසි භාෂාවෙන් පමණක් විය. අද වන විට මේ තත්ත්වය බෙහෙවින් වෙනස්ය.
අසන්නන්ගෙන් බොහෝ විට අපට ඉල්ලීම් ලැබෙන්නේ තරගයේ අවසාන ජයග්‍රහණය දක්වාම සිංහල
භාෂාවෙන් අසන්නට සලස්වන ලෙසයි. මෙවැනි ඉල්ලීම් අපට ඉටු කිරීමට සිදු වූ අවස්ථා බොහෝ
ඇත. ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය සිංහල භාෂාවෙන් පමණක් විස්තර ප්‍රචාරය
ගෙන එයි.
විස්තර ප්රචාරයේ නම් වැල
සිංහල විස්තර ප්‍රචාරය ආරම්භයේ දී තිබූ ප්‍රධානතම
ගැටලූව ඒ සඳහා සිංහල වචන නොමැති වීමයි. සමහර වචන සිිංහලයට පරිවර්තනය වීමේ දී විවිධ
අර්ථ ගැනීම් ගැටලූවක් විය. සමහර වචනවලට අදට ද සිංහල වචන නැත. සිංහල කි‍්‍රකට්
විස්තර ප්‍රචාර ආරම්භයේදීම සිංහල විස්තර ප්‍රචාර ජනපි‍්‍රය විය. ඒ කාලයේදීම
විශේෂයෙන්ම ඉංගී්රසි පුවත්පත්වල තීරු ලිපි මගින් සිංහල විස්තර ප්‍රචාර උපහාසයට
ලක්කොට තිබුණි.
60 දශකයේ මැද භාගය වන විට ඉංගී්රසි විස්තර ප්‍රචාරයන්
අභිබවා සිංහල විස්තර ප්‍රචාරයන් රට තුළ ජනපි‍්‍රය වන්නට පටන් ගෙන තිබුණි. ඉංගී්රසි
පුවත්පත්වල කර්තෘට ලැබෙන ලියුම් තීරුවලින් හා වෙනත් ලිපි මගින් මට හා සිංහල විස්තර
ප්රචාරකයින් හට තදින් පහර දුන් අතර, ඒවා අපහාස, උපහාසවලට ද ලක්කෙට තිබුණි. එකල ‘ඬේලි මිරර්’
පුවත්පතට තීරු ලිපියක් ලියූ මාණ්ඩලික ලිපිකරුවකු අපව උපහාසයට ලක්කර තිබුණේ මේ
මිනිස්සු මේ දොඩවන මනස්ගාත මොනවාද? තව ටික කලක් යන්න පෙර මෙයාල කියාවි ීයදරඑ ඛැට
‘කොට කකුල’ කියල ීසකකහ ඡුදසබඑ ‘මෝඩ තැන’ කියල භද ඊ්කක ‘බෝලෙ නෑ’ කියලා... යනුවෙනි.
පාලිත පෙරේරා සමග සජීවී ලෙසින්
පාලිත පෙරේරා ග්‍රන්ථය
සිංහල කි‍්‍රකට් විස්තර ප්‍රචාර ආරම්භ කළේ පාලිත
පෙරේරා මහතා ය. ඔහු සමග එවකට සිංහල අංශයේ සේවය කළ තිලක සුධර්මන් ද සිල්වා, අමරබන්දු රූපසිංහ, මයිකල් කරුණාතිලක, සිරිසෝම ජයසිංහ, පේ‍්‍රමසර ඈපාසිංහ යන මහත්වරුන් මෙන්ම ඉංගී්රසි
භාෂාවෙන් ලූෂන් ද සොයිසා, බර්ටි
විජේසිංහ වැනි මහත්වරු ආරම්භක සාමාජිකයින් ලෙස විස්තර ප්‍රචාර සඳහා එක්වූහ.
අද වන විට ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව සතුව
දක්ෂ කි‍්‍රකට් විස්තර ප්‍රචාරකයින්ගේ සංචිතයක් පවතී. මේ අතර, කි‍්‍රකට් කී‍්‍රඩකයින්,
කි‍්‍රකට් විනිසුරුවරුන් ද සිටින අතර, ඔවුහු මනා පුහුණුවක් ලද පිරිසක් වෙති.
ජ්‍යෙෂ්ඨතම කි‍්‍රකට් විස්තර ප්රචාරක පාලිත
පෙරේරා මහතාගේ ප්රමුඛත්වයෙන් සිංහල කි‍්‍රකට් විස්තර ප්රචාරකවරුන් ලෙස උපාලි
විජේසිංහ, විජේසේකර වලිසුන්දර, ජයන්ත වීරසිංහ, සේන නන්දිවීර, නලින් අපොන්සු, රවීන් වික්‍රමරත්න, ජාලිය ජයන්ත යන මහත්වරුන් මෙන්ම මෑතක දී කි‍්‍රකට්
විස්තර ප්රචාරකයින් ලෙස එක් වූ දිනේෂ් උපේන්ද්‍ර, මංජුල ලන්දෙකුඹුර, දර්ශන මල්දෙණිය, දිනුක චාමර, වජිර කැළුම් පෙරේරා යන මහත්වරු ද වෙති.
ඉංගී්රසි විස්තර ප්රචාරකයින් ලෙස මේ වන විට
විස්තර ප්‍රචාරවල වසර 25
ක් ඉක්මවා ඇති ඕබි්ර කුරුප්පු, රොහාන් ඞී.එස්. විජේරත්න මහත්වරුන්ගේ ප්රමුඛත්වයෙන්
ආර්. සුරේෂ්චන්ද්‍ර, මයිකල්
ද සොයිසා, කෝසල
සුරේශ්චන්ද්‍ර, රොහාන්
විජේසිංහ, චන්ද්‍රශාන්
පෙරේරා, අනුර ද
සිල්වා, ප්ලැසිඩස්
ගෝමස් යන මහත්වරුන් සහ නවක විස්තර ප්රචාරකයින් ලෙස ඈෂ්ලි රත්නායක සහ රිකී සිමිස්
මහත්වරු ද එක් වී සිටිති. මීට අමතරව විශේෂඥ විස්තර ප්රචාරකවරුන් ලෙස ටෙස්ට්
විනිසුරුවන් සහ ජාත්‍යන්තර තලයේ කි‍්‍රකට් කී‍්‍රඩකයෝ වෙති. දෙමළ කි‍්‍රකට් විස්තර
ප්රචාරකයින් අතර පැරැුණිම කි‍්‍රකට් විස්තර ප්‍රචාරකයා එස්. එලිල්වේන්ද්රන්
මහතාය. එම්.එන්. රාජා, ගෙන්
මෝහන්, ජේ. යෝගරාජන්, එම්.අයි. ෂිහමුඞීන්, තකීෂන් සිවරාජා, ඒ.ආර්.එම්. ජිෆ්රි, ජෙයකි්රෂ්ණරාජා යන මහත්වරුන්ය. 2012 වසරේ දී යාපනය නගරයේ ශී‍්‍ර ලංකා ගුවන් විදුලි
සංස්ථාව සංවිධානය කළ අලූත් අවුරුදු උළෙලේ රාජකාරි සඳහා යමින් සිටිය දී හදිසි
අනතුරකින් වියෝ වූ නුරානියා හසන් මහතා ද සිහිපත් කළ යුතුය.
දෙමළ කි‍්‍රකට් විස්තර ප්‍රචාර ආරම්භක අවදියේ
සිටම දැඩි කැපවීමකින් කටයුතු කළ විස්තර ප්‍රචාරකයෙකි නුරානියා හසන් මහතා. 2012 වර්ෂයේ ලංකාවේ පැවැති
ෂක්‍ක් 20ං20 කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලියෙහි සිට මේ දක්වා
ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව ජාත්‍යන්තර තරගවල දී තෙන්ඩ්රල් සේවය ඔස්සේ
පන්දුවෙන් පන්දුව දෙමළ විස්තර ප්‍රචාරය ගෙන එයි. මීට අමතරව අප අතරින් වියෝ වූ
දිනේෂ් රාජරත්නම් හා රනිල් අබේනායක යන මහත්වරුන් ද සිහිපත් කළ යුතුය. දැනට විස්තර
ප්රචාරයේ නැතත් විස්තර ප්‍රචාර සඳහා මුල් කාලීනව කටයුතු කළ අශෝක කරුණානායක, හේමජිත් ප්‍රනාන්දු හා සමන් අතාවුදහෙට්ටි යන
මහත්වරුන් සිහිපත් කළ යුතුය.
ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථා සභාපති හඞ්සන් සමරසිංහ
මහතාගේ උපදෙස් මත මෙම සුවිශේෂී කාර්යය කී‍්‍රඩා අංශය ඉටු කරයි. අද කී‍්‍රඩාව සඳහා
වෙන් වූ ගුවන් විදුලි නාලිකාවක් ‘ටයිම් රේඩියෝ’ ගුවන් විදුලිය සතුව ඇත.
ජාතික එකමුතුව
කි‍්‍රකට් කී්ර්රඩාව දේශීයකරණය කළ ගුවන්
විදුලිය අපගේ ජාතික භාෂාවන් වන සිංහල හා දෙමළ භාෂා දෙකින්ම ගෙන එන විස්තර ප්‍රචාර
ඔස්සේ කි‍්‍රකට් ජනපි‍්‍රය වීම නිසා දෙමාපියෝ තම දරුවන් අනෙකුත් කී‍්‍රඩාවන්ට වඩා
කි්ර්රකට් කී‍්‍රඩාවට යොමු කිරීමට පෙළඹී සිටිති. ඒ අනුව සිංහල කී්ර්රඩකයන්ට
අමතරව මුත්තයියා මුරලිදරන්, පර්වේස්
මහරුෆ්, ජෙහන්
මුබාරක්, නවීඞ් නවාස්
වැනි කී‍්‍රඩකයින් ද එක්වීම විශේෂයකි. කොළඹට පමණක් සීමා වී තිබූ සුපිරි කී්ර්රඩාවක්
වූ කි‍්‍රකට් ගමට යෑම නිසා සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, චාමර කපුගෙදර, සුරංග ලක්මාල්, රංගන හේරත්, නුවන් කුලසේකර, රංජිත් මදුරසිංහ, දිනේෂ් චන්දිමාල්, තරංග පරණවිතාන, ලසිත් මාලිංග, එරික් උපශාන්ත, සුරාජ් රන්දිව්, රුවන් කල්පගේ, පියල් විජේතුංග, මහේෂ් ගුණතිලක, කෝසල කුලසේකර, චානක වෙලගෙදර, ලංකා ද සිල්වා, කෞශල්‍ය
වීරරත්න, අජිත්
ද සිල්වා වැනි කී‍්‍රඩකයෝ ජාතික කණ්ඩායම දක්වා පැමිණියහ.
”කි‍්‍රකට් විස්තර ප්‍රචාරය ආරම්භය දෙස හැරී
බැලීමේ දී ගුවන් විදුලියේ 1963
සිය ප්‍රථම කි‍්‍රකට් විස්තර ප්‍රචාරය සිදුකළ ආකාරය චමත්කාරජනකය. ගුවන් විදුලියේ
විස්තර ප්‍රචාරය සඳහා එවකට තිබුණේ එක් ඇලූමීනියම් අට්ටාලයක් පමණි. එය ද ඉංගී්රසි
විස්තර ප්‍රචාරකයන් සඳහා වෙන් වී තිබිණ. එකම අට්ටාලයක සිට සිංහල, ඉංගී්රසි භාෂා දෙකෙන්ම විස්තර ප්‍රචාරය ගෙන ඒම
අපහසු වූ බැවින්, සිංහල
විස්තර ප්රචාරකයින් සඳහා වෙනම අට්ටාලයක් ලෑලිවලින් සෑදීමට තීරණය විය. අඹ
ලෑලිවලින් අඩි 05
ක් පමණ උස අට්ටාලයක් සෑදීමට ගුවන් විදුලි සංස්ථාවේ වඩු බාස්වරුන්ට නියම විය.
අට්ටාලයට නැඟීමට ලී පඩි දෙකක් විය. අට්ටාලය තුළ එක් වරකට වාඩි වීමට හැකි වූයේ එක්
අයෙකුට පමණි. එක පුටුවක් පමණක් එහි විය. හිසට වහලක් නොවීය. විස්තර ප්රචාරකගේ එක්
අතක මයික්‍රෆෝනයයි. අනික් අතින් හිසට ඉහළාගත් කුඩයයි. දෙඇස් සමග සම්පූර්ණ අවධානය
කී‍්‍රඩාව වෙතය. කාර්යය දුෂ්කර විය. එහෙත් ප්‍රතිඵලය ආඩම්බරය. මන්ද යත් සිංහල
විස්තර ප්රචාරයට ශ්‍රාවක ඉල්ලීම දිනෙන් දින ඉහළ යාමයි.”
පාලිත පෙරේරා සමග සජීවී ලෙසින්
පාලිත පෙරේරා ග්‍රන්ථය
අද වන විට තත්වය මෙයට වඩා හාත්පසින්ම වෙනස්ය. වායුසමනය කරන ලද නවීනතම තාක්ෂණික පහසුකම්වලින් යුතු මැදිරි එදා තිබූ අට්ටාල වෙනුවට ප්‍රධානතම කි‍්‍රකට් කී‍්‍රඩාංගණවල තිබේ. ඉණිමඟක් හෝ පඩිපෙළ වෙනුවට විදුලි සෝපාන දක්නට ඇත. ජාත්‍යන්තර කි‍්‍රකට් තරග පැවැත්වෙන අවස්ථාවන්හිදී තරග ආවරණයට පැමිණෙන දේශීය හා ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සඳහා ඉහළම සංග්‍රහයන් කි‍්‍රකට් ආයතනය විසින් සිදුකරනු ලබයි.
ශී‍්‍ර‍්‍ර ලංකා කි‍්‍රකට් ඉතිහාසය බලන විට දී
එහි අතීතය බොහෝ ඈතට දිවෙයි. එම කාලය තුුළ දී රට තුළ පන්දු යවන්නන්, පන්දුවට පහර දෙන්නන්, කඩුලූ රකින්නන්, පන්දු රකින්නන් මේ ආදී ලෙස විවිධ භූමිකා ඔස්සේ
දහස් ගණනක් කී‍්‍රඩකයන් කි‍්‍රකට් කි‍්‍රඩාවේ යෙදී ඇත. මේ සියල්ලන් අතරින් ශී‍්‍ර
ලංකාවේ ප්‍රථම ටෙස්ට් නායකයා වීමේ දුර්ලභ වාසනාව බන්දුල වරණපුර හිමිකර ගත්තේය.
කොළඹ නාලන්දා විද්‍යාලයෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවට පැමිණි ඔහු, බ්ලූම් ෆීල්ඞ් කී‍්‍රඩා සමාජය වෙනුවෙන් කි‍්‍රඩා
කළේය. 1981 එංගලන්තයේ
සංචාරය කළ ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වය දරමින් දක්ෂ ලෙස නායකයෙකු හා කී‍්‍රඩකයෙකු
ලෙස කී‍්‍රඩා කරමින් පළමු ටෙස්ට් ලකුණ ශී‍්‍ර ලංකාවට ලබා දුන්නේ ඔහුය. ඒ 1982 පෙබරවාරි මස 18 වැනිදා බ්‍රහස්පතින්දා දින කොළඹ සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී
ය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාව ආර්ථික වශයෙන්
ඉතා ඉක්මනින් ඉහළට එක්වීමට පටන් ගත්තේ අර්ජුන රණතුංග මහතාගේ නායකත්වයෙන් යුතු කි‍්‍රකට්
කණ්ඩායම 1996 ලෝක
කුසලානය දිනා ගැනීමත් සමගය. ගුවන් විදුලි කි‍්‍රකට් විස්තර ප්‍රචාර ආරම්භ කළ
වර්ෂයේ දී අර්ජුන රණතුංග මහතා උපත ලබා ඇත. ඒ 1963 දෙසැම්බර් මස පළමු වැනි දිනය. සිංහල කී‍්‍රඩා
සමාජය නියෝජනය කළ වමත් පිතිකරුවකු වූ අර්ජුන පන්දු යවන්නකු බව දන්නේ ටික දෙනෙකි. ඒ
පන්දු යැවීමේ කාර්යය ඔහු කලාතුරකින් සිදුකරන බැවිනි. 1996 න් පසු කි‍්‍රකට් හොඳම වෙළෙඳ භාණ්ඩයක් වී ඇති
අතර, ශ්‍රාවකයන් එකවර ශ්‍රවණය කරන වෙනත් ජනපි‍්‍රය
ගුවන් විදුලි වැඩසටහනක් නොමැති තරම්ය.
1996 ලෝක කුසලාන තරගාවලියෙන් පසු කි‍්‍රකට් කී‍්‍රඩාව
පෙරටත් වඩා ආර්ථික වශයෙන් පිළිගැනීමට ලක්වීමේ දී මුල සිටම වෙළෙඳ දැන්වීම් නැති
කාලයේ පටන් සියලූම තරග පන්දුවෙන් පන්දුව තරග විස්තර ප්‍රචාරය කළ ගුවන් විදුලියට ද
ආර්ථික තරගයකට මුහුණ දෙන්නට සිදුවිය. එයට හොඳම උදාහරණය 2002 වර්ෂයේ දී
ශී‍්‍ර ලංකාවේ පැවැති චැම්පියන්ස් කුසලාන
තරගාවලියයි.
මුදල් මුල් තැන ගැනීම
එහිදී ගුවන් විදුලි සංස්ථාව විස්තර ප්‍රචාරය
කිරීමට එරෙහිව අයි.සී.සී. ය කොළඹ වාණිජ මහාධිකරණය ඉදිරියට ගුවන් විදුලි සංස්ථාව
කැඳවීය. එහි ජාත්‍යන්තර මාධ්‍ය ආවරණ අයිතිය මිලදී ගෙන තිබුණේ සෝනි ආයතනයයි. ගුවන්
විදුලිය ද දේශීය මාධ්‍ය ආවරණ අයිතිය ඉල්ලා සිටිය ද දේශීය වශයෙන් දරාගත නොහැකි
මුදලක් ඉල්ලීම නිසා ගුවන් විදුලිය කී‍්‍රඩාංගණයට නොගොස් මැදිරියේ සිට රූපවාහිනිය
නරඹමින් විස්තර ප්‍රචාරය ගෙන ආවේය. එයට විරුද්ධව අයි.සී.සී. ය ගොනු කළ පෙත්සම 2002.09.19 දින මහාධිකරණය ගුවන් විදුලි විස්තර ප්රචාරයට
අතුරු තහනමක් පැනවීය. එ අනුව එහි දී පෙ.ව. 11.30 ට පමණ විස්තර ප්‍රචාරය නතර කරන්නට ගුවන් විදුලි
සංස්ථාවට සිදුවිය.
”විස්තර ප්‍රචාරය නතර කිරීමෙන් පසු සිදු වූ කි‍්‍රයාදාමය
අතිශයින්ම වැදගත්කමක් උසුලන්නේය. එවකට ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අතිරේක
අධ්යක්ෂ ජනරාල්ව සිටි අදත් එම තනතුරම උසුලන ඒරානන්ද හෙට්ටිආරච්චි මහතාගෙන් එම
සිද්ධි පෙළ ගැන විස්තර විමසුවෙමි. පහත සඳහන් කරන්නේ ඔහු මට කී දේය.
”අයි.සී.සී. ය විකාශන අයිතීන් සඳහා ගුවන් විදුලි
සංස්ථාවෙන් ඩොලර් 70,000
ක් ඉල්ලූවා. දෙන්න බැරි යැයි කිව්වාම ඒ මුදල ඩොලර් 30,000 තෙක් අඩු කළා. අපට එතරම් ආදායමක් නොලැබෙන බව
කිව්වා... ඊට පස්සේ අපි රූපවාහිනිය බලාගෙන විස්තර ප්‍රචාරය කරන්න තීරණය කළා.
අයි.සී.සී ය වාණිජ අධිකරණයේ පැවරූ නඩුවටට සැප්තැම්බර් 19 වැනිදා උදේ 11.30 ට තීන්ුවක් ලැබුණා. විස්තර ප්‍රචාර තහනම්
කරමින්. එවලේම එසැණ ප්‍රචාරය නතර කළා. නමුත්, සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි උපුල් ජයසූරිය හා
ෆයිසර් මුස්තාෆා යන නීතිඥයන්ට මා උපදෙස් දුන්නේ එවේලේම ශ්‍රේෂ්ඨාධිකරණයේ
අභියාචනයක් ගොනු කරන්න කියලා. ඒ අනුව මාක් ප්‍රනාන්දු, පී. එදිරිසූරිය යන විනිසුරුවරුන්ගෙන් සැදුම් ලත්
ශ්‍රේෂ්ඨාධිකරණය එදාම සවස 3.30
ට තීන්දුවක් දුන්නා. අතුරු තහනම් නියෝගය ඉවත් කරමින්. ඒ අනුව අපි ආයෙත් 3.30 ඉඳලා විස්තර ප්‍රචාරය පටන් ගත්තා. ශ්‍රේෂ්ඨාධිකරණ
තීන්දුව තවදුරටත් කියා සිටියා ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතිවාසිකමට බාධාවක්
කරන්න බැරි හින්ද මේ වගේ ආරවුල් ඇති වුණාම ඒවා විසඳීමට බුද්ධිමය දේපළ පනත යටතේ
පත්කර තිබෙන බේරුම්කාරයා වන සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් වෙත ගොස් ආරවුල බේරුම්
කරගන්න කියලා. පස්සෙ අපි දෙගෝලොම ලේකම් ඉදිරියේ, නීතිඥයන් මගින් කරුණු ඉදිරිපත් කළා. අපට ලැබෙන
මුදලින් සියයට 10
ක මුදලක් අයි.සී.සී. යට ගෙවීමට දෙපාර්ශවයම එකඟත්වයකට පැමිණියා. ඒ අනුව ගුවන්
විදුලිය රුපියල් 2,91,000
ක මුදලක් අයි.සී.සී යට ගෙව්වා. ( පාලිත පෙරේරා සමග සජීවී ලෙසින් පාලිත පෙරෙරා මහතා
*
2010 20ං20 කි‍්‍රකට් තරගාවලිය ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාංගණ
හතරක දී පැවැත්විණි. 2012
සැප්තැම්බර් මස 18
වැනි දි සිට ඔක්තෝබර් මස 07
වැනිදා දක්වා පැවැත්වූ එම කි‍්‍රකට් තරගාවලියෙහි පන්දුවෙන් පන්දුව කි‍්‍රකට්
විස්තර ප්‍රචාරය ගෙන ආවේ ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව මගිනි. එහි විස්තර ප්‍රචාරය
ශී‍්‍ර ලංකාවේ සියලූම ප්‍රදේශවල ජනතාවට බාධාවකින් තොරව ශ්‍රවණය කිරීමට හැකිවිය.
ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව තරගාවලියේ දී වාර්තාගත ආදායමක් ඉපයීය.
කාර්මික සහයෝගය
ගුවන් විදුලි කි‍්‍රකට් විස්තර ප්‍රචාරයන්
එසැණින් ඉදිරිපත් කිරීමේ දී ඊට දායක වන බොහෝ පිරිසක් ඇත. බාහිර ප්රචාරක අංශය
:ධගඊග* එහි දී විශාල මෙහෙයක් ඉටු කරයි. පැහැදිලි විස්තර ප්‍රචාරයක් අසන්නන් වෙත
ගෙන ඒමට අවශ්‍ය සියලූම කාර්මික අවශ්‍යතාවන් සපයන්නේ ඔවුන්ය. මයික්‍රෆෝනය සවි
කිරීමේ සිට ගුවන් විදුලි සංඥා ළඟම ඇති විකාශනාගාරය හරහා කොළඹ ප්‍රධාන මැදිරියට
ලබාදීම සහ තරගය අවසාන වනතුරු එම වගකීම ඔවුන් වෙත පැවරේ. කී‍්‍රඩාංගණයේ වැඩසටහන්
නිෂ්පාදක ද මෙහිදී විශාලතම කාර්යභාරය ඉටු කරයි. ආයතනය වෙනුවෙන් සියලූම වගකීම්
පැවරෙන්නේ මොහුටය. භාෂා තුනෙන්ම සිදුවන විස්තර ප්රචාරයේ මෙහෙයුම්කරුවා වැඩසටහන්
නිෂ්පාදකයාය. කාර්මික අංශය සමග සම්බන්ධතාව, විස්තර ප්‍රචාරකයන් සමග සම්බන්ධතාව, කී‍්‍රඩාංගණයේ නිලධාරීන් සමග සම්බන්ධතාව, මැදිරිය සමග සම්බන්ධතාව,
ප්‍රවාහන ඇතුළු කි‍්‍රකට් එසැණ විස්තර ප්රචාරක
සමස්ත වගකීම මොහු සතුය. එසැණ කි‍්‍රකට් විස්තර ප්‍රචාරයක සිටිය යුතු තවත් වැදගත්
පුද්ගලයකු වන්නේ ලකුණු සටහන්කරුයි. ආරම්භක පන්දුවේ සිට අවසන් පන්දුව දක්වාම පිටියේ
නිරවුල් මනසකින් රැුඳිය යුතු ඔහු විස්තර ප්‍රකාශකට අවශ්‍ය සියලූ දත්ත ලබාදිය යුතු
වෙයි. එහිදී ඔහුට ද`ඩුවමකට
යටත් වීමට ද සිදු වේ. ඒ ඔහු සියලූ දත්ත ප්‍රකාශ කළ යුතු වන්නේ ලිඛිතව හෝ හස්ත
මුද්‍රාවෙන් වීමයි. විස්තර ප්රචාරයේ සිටිය යුතු සුවිශේෂීම තවත් කොටසක් වන්නේ
සිංහල, ඉංග්‍රීසි, දෙමළ විස්තර ප්රචාරකවරුන්ය. විස්තර ප්‍රචාරය
හා ශ්රාවකයා ඇඳබැඳ තබන්නේ විස්තර ප්‍රකාශකගේ හ`ඩිනි. ඔහු කි‍්‍රකට් කී‍්‍රඩාව, අවස්ථානුකූල දැනුම, භාෂා දැනුම සහ බාහිර දැනුමෙන් පෝෂණය වූ අයෙකු විය
යුතුය. තමන් තුළ ඇති දත්ත අවශ්‍ය ස්ථානවලට යොමුකර ගැනීමට ද හැකිවිය යුතුය. මේ
සියලූ දෙනාගේම සංකලනයෙන් ගුවන් විදුලියේ විස්තර ප්‍රචාරය බිහි වේ.
ගුවන් විදුලි සංස්ථා අභ්‍යාස ආයතනයේ දී තිබූ
පුහුණු සැසියකට මා ද සහභාගි වී සිටි අවස්ථාවක එහි දේශනයකට දිවංගත ප්‍රවීණ මාධ්‍යවේදී
එච්.එම්. ගුණසේකර මහතා සහභාගි විය. එහිදී ගුවන් විදුලි විස්තර ප්‍රචාරකයා කටයුතු
කළයුතු ආකාරය පැහැදිලි කිරීමේ දී ‘අසන්නා අන්ධ පුද්ගලයෙක්’ යැයි සිතා කටයුතු කළ
යුතු බව පැවසීය. අසන්නාට රේඩියෝ යන්ත්‍රය ළඟ සිටින විට දුර සිට එන විස්තරය වඩා
හොඳින් චිත්ත රූප මැවීමට කටයුතු කළ යුතුය. එය සාර්ථක විස්තර ප්රචාරකයකුගේ මූලික
ලක්ෂණයක් බැව් එහිදී ඔහු ප්‍රකාශ කළේය. එය නවක ගුවන් විදුලි විස්තර ප්‍රචාර සහ
නිවේදන කලාව සඳහා එක්වන සැමට වටිනා උපදේශයකි.
ලෝක කුසලානයට පසු
1996 දී ශී‍්‍ර ලංකාව කි‍්‍රකට් ලෝක කුසලාන දිනා
ගැනීමෙන් බොහෝ දෙනාගේ උනන්දුව කි‍්‍රකට් කී‍්‍රඩාව දෙසට යොමු විය. එහෙත් ශී‍්‍ර
ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ බව දුටුවේ ඉන් පනස් වසරකටත් පෙරදීය. 1963 වර්ෂයේ කිසිදු අනුග්‍රාහකයෙකුගෙන් තොරව කි‍්‍රකට්
කී‍්‍රඩාවේ සංවර්ධනය උදෙසා කැප වී ඒ වෙනුවෙන් මුදල් වෙන් කළේ ගුවන් විදුලිය පමණි.
කි‍්‍රකට් දේශීයකරණය කළේ ගුවන් විදුලියයි. පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයින් හැදුවේ අපි. කි‍්‍රකට් සිංහලට පරිවර්තනය කළේ අපි. කි‍්‍රකට් වචන කෝෂය නිර්මණය කළේ අපි. කි‍්‍රකට් රිද්මය, ලතාව හා ශෛලිය නිර්මාණය කළේ අපි. කොටින්ම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කි‍්‍රඩාවේ ශක්තිමත් අඩිතාලම අපි. කි‍්‍රකට් විස්තර ප්රචාරයට වසර පනහක් ගතවෙන මේ මොහොතේ අද කි‍්‍රකට් පැමිණ ඇති ස්ථානය ගැන සලකන විට කි‍්‍රකට් සංවර්ධනයට උරදුන් ප්‍රධානතම විද්‍යුත් මාධ්‍යය ලෙස ජාතික ගුවන් විදුලියට ද ආඩම්බර විය හැකිය.
විද්‍යුත් සන්නිවේදනයේ ප්‍රමුඛස්ථානයේ වැජඹෙන
මාධ්‍යය වන්නේ ගුවන් විදුලියයි. ගුවන්
විදුලියේ ප්රබලතම මාධ්‍ය වන්නේ සංගීතයයි. සංගීතය නොමැතිව ගුවන් විදුලි මාධ්‍යයේ
පැවැත්මක් නොමැත. ගුවන් විදුලි මාධ්‍යයේ
ගීත හෝ සංගීතය භාවිතා කරන්නේ සංගීත වැඩසටහන් සඳහා පමණක්ම නොවේ. ඕනෑම වැඩසටහනකට තේමාවක් නිර්මාණය වන්නේ සංගීතය
පාදක කරගෙනය. එනම් ඕනෑම ගුවන් විදුලි
වැඩසටහනකට ආරම්භක තේමා ගීතයක් හෝ සංගීතයක් භාවිතා කරයි. වැඩසටහනේ අනන්‍යතාවය ප්‍රකාශ වන්නේ තේමා සංගීතය
ඔස්සේය. ශ්රාවකයා කණ වැකුණු සැණින්
වැඩසටහන හඳුනාගන්නේ තේමා ගීතය හෝ සංගීතය ඔස්සේය.
ඒ වගේම සංගීත වැඩසටහන් නොවන බොහෝ ගුවන් විදුලි වැඩසටහන් පවත්වාගෙන යාමේදී
එහි අලංකරණයට, ඒකාකාරී බව මැඩලීමට, වෙහෙසකර බව මඟහැරීමට භාවිතා කරන්නේ සංගීතයයි. එබැවින්
ගුවන් විදුලි මාධ්‍යය තුළ සංගීතයට හිමි වන්නේ ප්‍රබල ස්ථානයකි.
ගුවන් විදුලියේ ආරම්භය පිළිබදව කතා කිරීමේ දී 1906
වර්ෂයේ නත්තල් දිනට පෙර දින පීටර්සන්බර්ග් විශ්ව විද්‍යාලයේ R.A. ෆෙසන්ඩන් විසින් මෝස් ක්‍රමයට සැතපුම් සිය ගණනක්
ඈත මුහුදේ වූ නැව්වලට යැවූ පණිවිඩයක් පිළිබඳව සඳහන් වේ. මෙසේ මෝස් ක්‍රමයට යැවූ සංඥාවලට මුලින්ම ඇතුළත්
වී ඇත්තේ කවි ගායනයකි. ඉනපසුව වයලින්
වාදනයකි. ඊට පසුව තවත් අයෙක් කතාවක්
පවත්වා ඇත. මේ අනුව ඉතිහාසයේ ලියැවුණු
පළමුවෙනි ගුවන් විදුලි වැඩසටහන ඇරඹෙන්නේ සංගීතයෙනි. එදා පටන් අද දක්වා ගුවන් විදුලි මාධ්‍යයට
ගීතයෙන්, සංගීතයෙන් ලැබෙන දායකත්වය අති මහත්ය.
ශ්‍රී ලාංකීය සංගීත ඉතිහාසය පිළිබඳව සලකා බලන විට
ගුවන් විදුලි සංගීතයට ලැබෙන්නේ විශිෂ්ට ස්ථානයකි.
බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක්ව පැවති රටවල් අතරින් ගුවන් විදුලි ප්රචාරක
කටයුතු ආරම්භ කළ පළමුවෙනි රට ලෙස සැලකෙන්නේ ශ්‍රී ලංකාවයි. ඒ 1925 දෙසැම්බර් 16 වෙනිදාය. මධ්‍යම විදුලි සංදේශ කාර්යාලයේ ප්රචාරක
මැදිරියක් තනා දිනපතා ගුවන් විදුලි ප්රචාරක කටයුතු ආරම්භ කළ අතර මෙම වැඩසටහන්වලට
බටහිර සංගීතය ඇතුළත් ව ඇත. ඒ අනුව ආරම්භක
යුගයේ සිටම ගුවන් විදුලියේ සංගීතයට විශේෂ ස්ථානයක් හිමි විය.
ඉන්පසුව වැඩසටහන් ප්‍රචාරය කරන පැය ගණනින් 10%ක්
පමණ පෙරදිග සංගීත වැඩසටහන් සඳහා වෙන් කර ඇත.
ඊට සිංහල, හින්දුස්ථානී සහ කර්ණාටක සංගීතයද අයත් විය. 1927 දී පළමුවෙනි සජීවී සිංහල සංගීතමය වැඩසටහන
ගුවන් විදුලියෙන් ප්‍රචාරය විය. එම
කණ්ඩායමේ නායකයා වූයේ ප්‍රවීණ සංගීතඥ එම්.ජී. පෙරේරා මහතා ය. ඉන්පසුව සිංහල සංගීතමය වැඩසටහන් ඉදිරිපත් කළ
ශිල්පීන් වන්නේ කේ. සාදිරිස් සිල්වා, ටී. සී. සේනානායක, තැපැල් හා විදුලි සංදේශ
නාට්‍ය සංගමය, බී. එඩී. ද සිල්වා , එච්. ඩබ්. රූපසිංහ, ටී. ටෙරන්ස් ප්‍රනාන්දු, ටී. වී. එඩ්වින් පෙරේරා, කෝකිලදේවී, එච්. දොන්
වින්සන්ට්, එම්. කේ. වින්සන්ට්, ග්‍රේටා ජෙනට් ද සිල්වා, සරණගුප්ත අමරසිංහ, කේ. ලයනල්
පෙරේරා, ආනන්ද සමරකෝන්, ඒ.ආර්.එම්. ඊබ්‍රාහිම්, විල්ෆ්රඩ් ජේ. පීරිස්, රෙජිනා
පෙරේරා, සහ වැල්ලවත්තේ වෛශාඛ විද්‍යාලය යි.
මේ අවධියේ සිංහල සංගීත වැඩසටහන් මෙන්ම දෙමළ, හිංදුස්ථානි
හා බටහිර සංගීත ශිල්පීන් ද සංගීත වැඩසටහන් ඉදිරිපත් කර ඇත.
දෙමළ වැඩසටහන් ඉදිරිපත් කළ ශිල්පීන් වන්නේ
කෝකිලදේවී, තැපැල් හා විදුලි සංදේශ නාට්‍ය සංගමය, වී. රෙට්නම්, කේ.වී. කුරුක්කල්, වී
අකිනිමුතුපිල්ලේ, කේ. සෙල්ලතම්බි, ශ්‍රී කාන්ති පොන්නම්බලම්, අරුන්දතී සහ
සභාරත්නම්, ගෞරී ත්‍යාගරාජා, එල්. ලෝකා සුබ්‍රමනියම්, මනෝරංජිතම් කන්දයියා, එස්. රත්නසාමි
අයියර්, එස්. එම්. මුතතම්බි, පී. එස්. මනිඅයියන්ගර්, එම්. ඒ. හසන් අලියාර්, තවමනි
අම්මාල් කදිරේසු සහ සී. ආර් මහාරාජා වේ.
හිංදුස්ථානී ගායන ශිල්පින්
කෝකිලදේවී, සී. ආර්. මහාරජා, මොහිදින් බෙග්, එම්.
ජේ. නසුර්දීන්, ෂික් අමීර්, එම්. ඒ. ජේ. ආමත් සහ මොහොමඩ් ගවුස්
කපිරිඤ්ඤා
නෝබට් රුද්‍රිගු, ලුවී සිග්ලර්
බටහිර ගායකයෝ
හැලොක් ආනන්ද රාජා, රොබට් ගත්රි, ආර්. මරේ, ලෝනා
ටේලර්, හියුබට් රාජපක්ෂ, නොයෙල් ගුණසේකර, ක්ලෙයාර් ආර්නොල්ඩා, එස්මි ජෝසප්, වින්ස්ටන්
සහ ඕවල් ෆුනාන්ඩර්, අයිරින් හන්ටර්, තෙල්මා කායි, වික්ටර්න් ක්රාමර්, රෝස්මේරි
වැන්ලැන්ගන්බර්ග්, ඇන්ටනී අබේසිංහ, ඩග්ලස් ද අල්විස් සහ දේවාර් සූර්යසේන
ගුවන් විදුලියේ මුල් කාලයේ ප්‍රචාරය සඳහා සිංහල ගීත ලබා ගත්තේ මෙරට ග්රැමෆෝන් තැටි නිපදවන සමාගම් වලිනි. කාර්ගිල්ස්, මිලර්ස්, පොරෝලිස් ප්‍රනාන්දු මියුසිකල් ස්ටෝර්ස්, සීඩ්ල්ස් යන සමාගම් එකල සිංහල තැටි නිපදවූ සමාගම් වේ. නිවේදකයින් එකල එම සමාගම්වලට ගොස් තැටි වාදනය කර බලා ප්‍රචාරය සඳහා සුදුසු ගීත තෝරා ගන්නා ලදී. එකල ග්රැමෆෝන් තැටිවලට ගීත ගායනා කළ ශිල්පින් වැඩි දෙනෙක් පසුව ගුවන් විදුලිය මගින් ද ගී ගැයූහ. ඉන්දියානු ගී තනුවලට සිංහල වචන යොදා ගීත ප්‍රබන්ධ කර ගැනීම එකල පැවති සාමාන්‍ය සිරිත විය. එම ගීතවලින් වැඩි කොටසක් බුදු ගුණ ගී වුණු අතර දේශාභිමානී ගීත හා ප්‍රේම ගීත ද අතරින් පතර විය.
එකල ග්රැමෆෝන් තැටිවලට හා ගුවන් විදුලියට සිංහල
ගීත ගායනා කළ ශිල්පීන් අතර සිංහල අය මෙන්ම සිංහල නොවන ශිල්පීහූ ද වූහ. ජේ. සාදිරිස් සිල්වා, බී. එඩී ද සිල්වා, දොන් මානිස් පට්ටිආරච්චි, එච්.
ඩබ්. රූපසිංහ, කෝකිලදේවී, රෙජිනා පෙරේරා, සුසිලා ජයසිංහ, ලෝරන්ස් පෙරේරා, එම්. කේ.
වින්සන්ට්, ජෝසප් පෙරේරා, රුක්මණී දේවී, ඒ. ආර්. එම්. ඊබ්‍රාහිම්, එස්. ඒ. ලතීෆ්
බායි, අහමඩ් මොහිදින්, එම්. බී. ජොහර්ෂා, සිසිලියානා ඩයස්, වසන්තා සන්දනායක, ටයිටස්
සමරවීර, යූ. ඩී. පෙරේරා, විල්ෆ්රඩ් ජේ. පීරිස්, මොහිදින් බෙග්, ග්‍රේටා ජෙනට් ද
සිල්වා ඉන් කිහිප දෙනෙකි.
මේ වකවානුවේ දී ඉන්දියාවේ ශාන්ති නිකේතනයට සංගීත
අධ්‍යාපනය සඳහා ගොස් සිටි ආනන්ද සමරකෝන් ලංකාවට පැමිණියේ ය. ඔහුගේ ගීත මෙතෙක් අසා හුරු පුරුදු ගීතවලට වඩා
වෙනස් ආරක් ගත්තේ ය. මෙතෙක් පැවති හින්දි
හා දෙමළ ගීත අනුකරණයෙන් නිර්මාණය වු ගීත වෙනුවට ස්වතන්ත්‍ර තනු නිර්මාණය විය. ඇතැම් ගීත වංග ගී ආශ්රයෙන් නිර්මාණය වූ ඒවා
විය. මෙම ගීත අසන්නන් අතර ඉතා ජනප්‍රිය
විය. පොඩි මල් එතනෝ, එන්ඩද මැණිකේ, ඇසේ
මධුර ජීවනයේ ගීතා, පුංචි සුදා සුදු කැටියා, ඔහු ගායනා කළ ගීත අතරින් කිහිපයකි. ඔහුගේ
මෙම නව ශෛලිය අසන්නන්ට මෙන්ම ගායන ශිල්පින්ට ද අළුත් අද්දැකීමක් විය. ඒ අනුව පී. එල්. ඒ. සෝමපාල, කාන්ති වක්වැල්ල, ස්වර්ණා
ද සිල්වා, රෝහිත ජයසිංහ, ඩග්ලස් වික්‍රමසිංහ,
ජී. ආර්. එඩ්වඩ් වැනි ශිල්පීන් ද ආනන්ද සමරකෝන් අනුගමනය කරන්නට විය.
ආන්නද සමරකෝන් මහතාගේ ගායන ඇතුළත් විශේෂ ගුවන්
විදුලි වැඩසටහනක් මේ වකවානුවේ දී ආරම්භ කරන ලදී. එය සංවිධානය කළේ වින්සන්ට් ද සිල්වා මහතා ය. ගුවන් විදුලි ගාන්ධර්වයෝ (Air Artistes) යන නමින් මෙම වැඩසටහන හඳුන්වන ලදී. මෙම වැඩසටහන ප්‍රචාරය කිරීමේ දී ඉංග්‍රීසි
බසින් ද විස්තරයක් කරන ලද බැවින් එතෙක් සිංහල සංගීතය කෙරෙහි සැලකිල්ලක් නොදැක් වූ
අසන්නන්ගේ අවධානය ද එය කෙරෙහි යොමු විය.
මේ අතරතුර භාරතයේ සංගීතය හදාරා තවත් ශිල්පියෙක්
ලංකාවට පැමිණියේ ය. ඔහු සුනිල් සාන්ත ය. ඔහුගේ සරල සුගම ගායන ශෛලිය ශ්රාවකයා ඇඳ බැඳ
ගත්තේ ය. ඔහුගේ අරමුණ වූයේ අපටම ආවේණික වූ
සංගීත සම්ප්රදායයක් නිර්මාණය කිරීම යි. එතෙක්
පැවති ග්රැමෆෝන් ගීතවල රාගධාරී ශෛලියෙන් මිදී අපරදිග තනු ආරද සමගින් ලයාන්විතව
ඔහු ගීත ගායනා කළේය. ඕළු පිපිලා, කෝකිලයන්නේ
කෝකිල නාදේ, වලාකුළින් බැස, මිහිකත නලවාලා ඔහු ගැයූ ගී අතරින් කිහිපයකි. තරුණ ගුවන් විදුලි ශිල්පීහු ඔහුව අනුගමනය
කරන්නට විය. ඒ වන විට ගුවන් විදුලියට තැටිගත
කිරීමේ යන්ත්‍ර ද ලැබී තිබුණු බැවින් සුනිල් සාන්තයන්ගේ ගීත තැටිගත කරන ලදී. නමුත් අභාග්‍යය වූයේ 1949 දී රතන්ජන්කර් පඬිතුමා
ශිල්පීන් වර්ග කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී එම පරීක්ෂණයට පෙනී
සිටීම ඔහු විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ගුවන් විදුලිය ඔහුට තහනම් වීමය.
1954 දී පමණ සිංහල සංගීතය දියුණු කිරීම සඳහා
ගතයුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කර විවිධ තීරණයන්ට එළඹෙන ලදී. මෙම සාකච්ඡාව සඳහා තැපැල් හා ගුවන් විදුලිය
පිළිබඳ ඇමති, දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා අධ්‍යාපන අමාත්‍යංශයේ, රජයේ ලලිත
කලායතනයේ, ලංකා කලා මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වන ලදී. මෙහිදී ගුවන් විදුලි සංගීතය දියුණු කිරීම සඳහා
අදහස් ගණනාවක් යෝජනා වූ අතර උතුරු ඉන්දියාවේ ශාස්ත්‍රීය සංගීතය පදනම් කර ගනිමින්
සිංහල සංගීතය ගොඩනැගිය යුතුය යන ප්‍රතිපත්තිය පිළිගන්නා අතරම එය දියුණු කිරීම සඳහා
ලංකාවේ ජනකවි ද උපයෝගී කරගත යුතු බවද යෝජනා විය.
එකල සංගීත සම්පාදකවරුන් විසින් නිෂ්පාදනය කරන ලද
රසධාරා හා ගීතමාලා යන වැඩසටහන් දෙක ජනප්‍රිය වැඩසටහන් විය. මසකට වරක් නරඹන්නන් පිරිසක් ඉදිරියේ පැවැත්වුණු
"මාසික රැඟුම" ඉතා ජනප්‍රිය වැඩසටහනක් විය.
1960 වර්ෂයේ දී සිංහල සංගීත වැඩසටහන්වල තත්වය නගා
සිටුවීම සඳහා විශේෂ උපදේශක මණ්ඩලයක් පත් කරන ලදී.
ආචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත වූ මෙම මණ්ඩලයට
ලයනල් එදිරිසිංහ සහ ඩී.
ඇම්. පට්ටිආරච්චි යන මහත්වරු ද ඇතුළත් වූහ.
සංගීත වැඩසටහන්වලට සවන්
දී ඒවායේ තත්වය දියුණු කිරීමට උපදෙස් දීම ඔවුන්ගේ කාර්යභාරය විය.
පරීක්ෂණ මණ්ඩල
ගුවන් විදුලි සංස්ථාවේ ගායනයක් හෝ වාදනයක්
ඉදිරිපත් කිරීමට නම් අනිවාර්යයෙන් පරීක්ෂණ මණ්ඩලයකින් සමත් විය යුතුය. මේ පිළිබඳව සඳහන් කරන විට අපට නිතැතින්ම සිහියට
නැගෙන්නේ මහාචාර්ය රතන්ජන්කර් පඬිතුමා ලංකාවට පැමිණ කරන ලද කටහඬ පරීක්ෂණයයි. නමුත් ඊට පෙර ද ගායන සහ වාදන සඳහා පරීක්ෂණ
පැවැත්වු බව සඳහන් වේ. එකල සංගීත පරික්ෂණ
පැවැත්වීමේ දී ශිල්පීන් තම ගායන හා වාදන ඉදිරිපත් කළේ ගුවන් විදුලි මධ්‍යස්ථානයේ
මැදිරියක සිටය. පරීක්ෂණ මණ්ඩලය ඊට සවන්
දුන්නේ මධ්‍යම විදුලි සංදේශ කාර්යාලයේ සිටය.
එහිදී විවිධ අංශ යටතේ ශිල්පීන් වර්ග කොට ඇත. එනම් විවිධ ප්‍රසංග, ගී ගායනා, ජන ගී සහ විරිදු,
වන්නම්, සමුහ වාදන, ඒකල වාදන ආදී වශයෙනි.
ගුවන් විදුලි සේවය ප්‍රතිසංවිධානය කිරීම සඳහා
පැමිණි ජෝන් එන්. ලැම්ප්සන් මහතා ගුවන් විදුලි සංගීත අංශය සංවර්ධනය කිරීමෙහි ලා
උනන්දු වූ අයෙකි. ආචාර්ය ලයනල් එදිරිසිංහ
මහතා සහ වෙනත් විද්වතුන් කිහිප දෙනෙකුගේ අදහස් අනුව භාත්ඛණඩේ සංගීත විද්‍යා පීඨයේ
අධිපති මහාචාර්ය රතන්ජන්කර් පඩිතුමා ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන පරීක්ෂණ පවත්වා සුදුසු
ශිල්පීන් බඳවා ගැනීමට එතුමා කටයුතු කළේය. ඒ
අනුව ශ්‍රී ලාංකීය ගායන හා වාදන ශිල්පීන් විශිෂ්ට ශ්‍රේණිය, ‘ඒ‘ ශ්‍රේණිය, ‘බී‘ ශ්‍රේණිය
හා ‘සී‘ ශ්‍රේණිය ලෙස වර්ග කළේය. එතැන්
පටන් එම ශිල්පීන්ට ගුවන් විදුලියේ ශාස්ත්‍රීය හා සරල ගී වැඩසටහන් ලබා දුන්නේ එම
වර්ග කිරීමට අනුවය.
කටහඬ පරීක්ෂණ පිළිබඳව විමසා බැලීමේ දී 1955 දී
පමණ ජන ගී ශිල්පීන් වර්ග කිරීම සඳහා ද පරීක්ෂණයක් පවත්වා ඇති බව පෙනී යයි. ඒ සමඟ නෘත්‍ය හා නාඩගම් ගී ගායන ශිල්පීන්
වෙනුවෙන් ද පරීක්ෂණයක් පවත්වන ලද්දේ මෙම ගායනා ද සිංහල සංගීතයේ අභිවෘද්ධිය සඳහා හේතු වන බැවිනි.
ළමා වැඩසටහන්
ළමා ගීතය මුලින්ම නිර්මාණය වූයේ ද ගුවන් විදුලියේ
ගීත කැකුළු ඔස්සේ යැයි සිතිය හැකිය. ළමුන්
වෙනුවෙන් ලියැවුණු කවි ප්‍රචලිතව තිබුණත් ළමා ගීතය මුලින්ම නිර්මාණය වූයේ කෙසේදැයි
නිශ්චිත තොරතුරු නැත. කෙසේ වෙතත් ළමා ගීය
පෝෂණය වූයේ ගුවන් විදුලිය ඔස්සේ බව කිව හැකිය.
ආනන්ද සමරකෝන් රචනා කර සංගීතවත් කළ වැස්ස පිළිබඳව ලියැවුණු "අක්කෙ
අක්කෙ අර බලන්නකෝ" ගීතය මුල් කාලයේ ප්‍රචාරය වූ වැඩිහිටියන් දෙදෙනෙක් ගායනා
කළ ළමා ගීතයකි. සුනිල් සාන්තයන් විසින් ද
ගුවන් විදුලි ළමා ගී රැසක් නිර්මාණය කර ඇත.
දිය ගොඩ සැම තැන, අම්බලමේ පිනා, බෝවිටියා දං වැනි ජනප්‍රිය ගීත ඉන්
කිහිපයකි.
ගුවන් විදුලි ළමා ගීතයෙහි ආරම්භය 50 දශකයේ සිදු
වී ඇත. අධිනීතිඥයූ. ඒ. එස්. පෙරේරා විසින් සිරි අයියා නමින් ඉදිරිපත් කළ ළමා තීරය
ගුවන් විදුලි ළමා ගී උත්පාදනයට මූලික අඩිතාලමක් විය. ඉන් අනතුරුව කරුණාරත්න අබේසේකර මහතාගේ
දායකත්වයෙන් ගුවන් විදුලි ළමා ගී විශාල ප්‍රමාණයක් නිර්මාණය වී ඇත. ‘කරු අයියා‘ නමින් හැදින්වූ එතුමන් විසින් රචනා
කළ අපෙ අම්මා කොළඹ ගිහිල්ලා, කළු
මැණිකෙගෙ ගල් ලෑල්ල, දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ, ලේනගෙ පිට මැද ඉරි තුන ඇන්දේ,
සුරතල් අපේ පෙනීලා, අම්ම මාව දොයි කරන්න හදපු හැටි අගෙයි වැනි ළමා ගීත අදටත් ජනප්‍රිය
ය. ළමා මනසට ගෝචර වන පරිද්දෙන් ඉතාමත් සරල
සුගම බස් වහරකින් ගීත රචනා කිරීමට ඔහු සමත් විය.
එසේ ආරම්භ වූ ගුවන් විදුලි ළමා ගීතය සරත් විමලවීර,
ආචාර්ය අජන්තා රණසිංහ, ජයම්පතී අල්ගම, අශෝක කොළඹගේ, ඩෝල්ටන් අල්විස්, ප්‍රේමකීර්ති
ද අල්විස්, මහින්ද අල්ගම, මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය ඩබ්. ඒ. අබේසිංහ, ගාමිණී
විජේතුංග ආදීන්ගේ ගේය පද රචනා ඩී. ඩී. ඩැනී, ශාන්ති දිසානායක, කුලරත්න තෙන්නකෝන්, පි.
එල්. ඒ. සෝමපාල, තිලකසිරි ප්‍රනාන්දු, ඩී. ආර්. පීරිස්, සරත් දසනායක, මහචාර්ය සනත්
නන්දසිරි, ලයනල් අල්ගම, නන්දා මාලනී, ඔස්ටින් මුණසිංහ, ෂෙල්ටන් ප්‍රේමරත්න, ටියුලින්
ජයරත්න, රෝහණ වීරසිංහ, රෝහණ බැද්දගේ වැනි සංගීතඥයන්ගේ තනු නිර්මාණයන්ගෙන්
හැඩගැන්වී ළමා ගීත සාහිත්‍යය පෝෂණය කළේය. මුල්
කාලයේ ළමා ගීත කිහිපයක් ලෙස උදෑසනම පොඩි අපි දිව එනවා, හොර පූසෙක් - බටු මීයෙක්, කුරුම්බැට්ටි
මැෂිමේ, මගේ පිඟානේ ඉන්නා මාලු කූරියෝ, මෝඩ මදුරුවෝ, හුණු සාස්තරකාරයෝ ආදිය
හැදින්විය හැකිය.
මෙම ගීතවල ඇති විශේෂත්වය වන්නේ වත්මන් පරපුර ද
මෙම ගීත ගායනා කිරීම මෙන්ම පාසල් විෂය නිර්දේශයටද ඇතුළත් කර තිබීමයි. මෙම ගීත නිර්මාණය වූයේ ගුවන් විදුලියේ ළමා
වැඩසටහන් ගණනාවක් ඔස්සේ ය. ළමා තීරය, ළමා
පිටිය, රිදී සීනු මිනි කිංකිණි, සරස්වතී මණ්ඩපය, ටිකිරි සිනා රැලි, සංගීත මණ්ඩපය, සංගීත
සන්ධ්‍යාව, ළමා විවිධ ප්‍රසංගය, රන් රසුදැල්, මුතු පබළු, පුංචි ගීත ඉන් කිහිපයකි.
එකල ළමා පිටියේ ගී ගැයූ ළමා ගායක ගායිකාවන් පසු
කාලයේ ප්‍රවීණ ශිල්පීන් බවට පත්විය. ට්‍රිලිෂියා අබේකෝන් (ගුණවර්ධන) , චන්ද්‍රානි
ගුණවර්ධන, නන්දා මාලනී, මල්කාන්ති පීරිස් (නන්දසිරි), නිරංජලා සරෝජනී, නිර්මලා
පීරිස් (රණතුංග),දයාරත්න රණතුංග, චන්ද්‍රානි රෝද්රිගු, නොයෙලින් ලියනගේ, ඇස්. ලියනගේ,
රෝහණ සිරිවර්ධන, ලංකා රාජිනී ගුණසේකර, ඉන්දීවරී ආරියසිංහ, චිත්‍රා කුමාරි කළුබෝවිල(පත්තප්පෙරුම)
ඉන් කිහිප දෙනෙකි.
කෙසේ වෙතත් සිංහල ගීත ක්ෂේත්රයට ළමා ගීත සාහිත්‍යයක්
නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ ගුවන් විදුලියටයි.
ශාස්ත්‍රීය සංගීතය
1952 වර්ෂයේ දී එම්. ජේ. පෙරේරා මහතා අධ්යක්ෂ
ජනරාල්වරයා ලෙස පත්වීම ගුවන් විදුලියේ සංගීත අංශයට මහත් ආලෝකයක් විය. ගුවන් විදුලියේ ශාස්ත්‍රීය සංග්‍රහය නමින්
සාහිත්‍ය - නාට්‍ය - විචාර මෙන්ම ශාස්ත්‍රීය ගායන හා වාදන ඇතුළත් වැඩසටහනක් ආරම්භ
වූයේ එම යුගයේ දීය. එතුමන් විසින් රාගධාරි
සංගීතයේ එන ඛ්යාල් ගායනා , භජන්, කව්වාලි, ගසල් වැනි ඉන්දීය ශිල්පින්ගේ ගායන හා
වාදන තැටි ආධාරයෙන් ශාස්ත්‍රීය සංග්‍රහය වැඩසටහනින් ඉදිරිපත් කළේය.
මහාචාර්ය රතන්ජන්කර් පඩිතුමාගේ ශිල්පී වර්ගීකරණය
තුළ ශ්‍රී ලාංකික ශාස්ත්‍රීය ගායන හා වාදන ශිල්පීන් ද විශිෂ්ට ශ්‍රේණිය, ඒ ශ්‍රේණිය හා බී ශ්‍රේණිය වශයෙන් වර්ග කරන ලදී. එච්. ඩබ්. රූපසිංහ, දොන් මානිස් පට්ටිආරච්චි, ඩබ්.
බී. මකුලොලුව, ඩී. සී. කොඩිතුවක්කු, දයාරත්න ද සිල්වා, ෂෙල්ටන් ප්‍රේමරත්න, ශ්‍රියාණි
චන්ද්‍රසේන, ඩබ්. මධුරාවතී, එම්. ආරියදාස, එම්. ඒ. පියදාස, සෝමදාස ඇල්විටිගල, පණ්ඩිත්
අමරදේව, මහාචාර්ය සනත් නන්දසිරි, මහාචාර්ය අමරා රණතුංග, ආචාර්ය දයාරත්න රණතුංග, ප්‍රේමවංශ
හපුවලාන, අනිල් මිහිරිපැන්න, ටයිටස් නෝනිස්, ප්‍රේමදාස මුදුන්කොටුව, සුදත් වික්‍රමසිංහ,
සෝමසිරි ඉලේසිංහ ඉන් කිහිපදෙනෙකි.
50 දශකයේ සිට වර්තමානය දක්වාම ශාස්ත්‍රීය සංග්‍රහය
ඔස්සේ රාගධාරී සංගීතාංග ප්‍රචාරය කරන අතර ඒ සඳහාම සූදානමින් සිටින වෙනම ශ්‍රාවක
කොට්ඨාශයක් අදටත් සිටිති. ශාස්ත්‍රීය
සංගීතය, රාගධාරී සංගීතය ඇසුරින් ගීත නිර්මාණය වීමද මෙකල සිදු විය. රාග රසාංග, රාග්ධාරා වැනි වැඩසටහන් ඔස්සේ මෙම
ගීත නිර්මාණය විය. රාග මත පදනම් වූ ගීත
ඔස්සේ සාමාන්‍ය ජනතාවගේ රස වින්දනය උසස් මට්ටමකට ගෙන ආ හැකි ගීත සාහිත්‍යයක්
නිර්මාණය කිරීම මෙහි අරමුණ විය.
ගීත නාටක
ගුවන් විදුලියේ ගීත පිළිබඳ කතා කරන විට ගීත නාටක
ඔස්සේ බිහි වූ ගීත පිළිබඳව විශේෂයෙන් සඳහන් කළයුතු වෙයි. ගීත සාහිත්‍යයේ පෝෂණයට ගීත නාටක ඉමහත් සේවාවක්
ඉටු කළේය. තේවිස් ගුරුගේ මහතාගේ ඉල්ලීම මත
පී. ඩන්ස්ටන් ද සිල්වා මහතාගේ උනන්දුවෙන් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් රචනා කළ "මනෝහාරී" ගීත නාටකය පළමු ගීත නාටකයයි. මෙය 1955 දෙසැම්බර් 8 වෙනිදා ප්‍රචාරය විය. යම්කිසි කතා වස්තුවක් ගීතවත් බවින් ඉදිරිපත්
කිරීම ගීත නාටකවල ස්වභාවයයි. ගීත නාටක
ඔස්සේ නිර්මාණය වූ ගීත අතර "උල්පත" ගීත නාටකයේ එන ප්‍රේම තටාකේ මේකයි
මැණිකේ, "ලංකා" ගීත නාටකයේ එන ධර්ම දිපනී ලංකා ධරණී වැනි ගීත හැදින්විය
හැකිය. පණ්ඩිත් විමල් අභයසුන්දර, මහාචාර්ය
සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය සුනිල් ආරියරත්න, ධර්මසිරි ගමගේ, අරිසෙන් අහුබුදු, ආචාර්ය
ප්‍රනීත් අභයසුන්දර වැන්නන් මානවසිංහයන්ගේ ආභාෂය ඔස්සේ ගීත නාටක රචනා කළ අතර පී. ඩන්ස්ටන්
ද සිල්වා, සෝමදාස ඇල්විටිගල, එම්. ආරියදාස, පණ්ඩිත් අමරදේව, සේන වීරසේකර ආදී
සංගීතඥයෝ සංගීත නිර්මාණයෙන් දායක වූහ. පණ්ඩිත්
අමරදේවයන්ගේ සිට එවකට සිටි ප්රමුඛ පෙළේ ගායක ගායිකාවන් මෙම ගීත නාටක සඳහා
ගායනයෙන් දායක වූහ.
පණ්ඩිත් අමරදේව
ගුවන් විදුලි ගීතය පිළිබඳව කතා කරන විට විශේෂයෙන්
සඳහන් කළ යුතු නාමයකි පණ්ඩිත් අමරදේව නාමය.
මහාචාර්ය රතන්ජන්කර් පඩිතුමාගේ කටහඬ පරීක්ෂණයෙන් විශිෂ්ට ශ්‍රේණියේ
ශිල්පියෙකු ලෙස අමරදේවයන් සමත් විය. අමරදේවයන්
නිසා ගුවන් විදුලි ගීත සාහිත්‍යය අංග දෙකක් ඔස්සේ පෝෂණය විය. ඒ උත්තර භාරතීය සංගීතය ඔස්සේ හා දේශීය ජන ගී
නාද ඔස්සේය. එමෙන්ම අමරදේව - මහගම සේකර සුසංයෝගයෙන් ඉතා විශිෂ්ට ගීත
එකතුවක් සිංහල ගීත ක්ෂේත්රයට දායාද විය. අමරදේව
- සේකර ඉදිරිපත් කළ "මධුවන්ති" වැඩසටහන ඉහළම ශ්‍රාවක සම්භාවනාවට පාත්‍ර
වූ වැඩසටහනකි. ගීත සාහිත්‍යයේ පෝෂණයට අගනා
ගීත රැසක් මේ සුසංයෝගයෙන් එක් විය. අමරදේවයන්
සමග යුග ගායනයට හා අත්වැල් ගායනයට ගුවන් විදුලියට පැමිණි පිරිසක් ද පසුකාලීනව
සංගීත ක්ෂේත්රය බැබලවූ ශිල්පීන් බවට පත්විය.
ආචාර්ය නන්දා මාලනී, ආචාර්ය රෝහණ වීරසිංහ, බන්දුල විජේවීර, ලක්ෂ්මන්
විජේසේකර, මාලනී බුලත්සිංහල, එඩ්වඩ් ජයකොඩි, නීලා වික්‍රමසිංහ ඉන් කිහිප දෙනෙකි.
රිජ්වේ තිලකරත්න යුගය
ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය ලෙස අදටත්
සැලකෙන්නේ රිජ්වේ තිලකරත්න යුගයයි. ගුවන්
විදුලි සභාපති හා අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස 1973 සැප්තැම්බර් මස එතුමා පත් විය. ඉතා හොඳ ප්‍රමිතියෙන් යුත් ගීත ශ්රාවකයා වෙත
ගුවන් විදුලියෙන් ප්රදානය කිරීම එතුමාගේ මූලික අරමුණ විය. උත්තර භාරතීය රාගධාරි සංගීතය, සරල සංගීතය මෙන්ම
ජන සංගීත නාද රටා ඔස්සේ නිර්මාණය වූ ගීත ශ්රාවකයාට ගුවන් විදුලියෙන් මේ කාලයේ දී
තිළිණ විය.
ශ්‍රාවකයින්ගේ රසිකත්වය උසස් මට්ටමකට ගෙන ඒමට නම්
උසස් ප්රබුද්ධ ගීත නිර්මාණය විය යුතු බව එතුමාගේ අදහස විය. උසස් තත්ත්වයේ ගී පද රචනා කුසලතා පිරිපුන්
සංගීතඥයින් ලවා සංගීත නිර්මාණය කර ප්‍රතිභාපූර්ණ ගායක ගායිකාවන් ලවා ගායනා කරවීමට
ඔහු කටයුතු කළේය. ඒ අනුව ප්රබුද්ධ ගී, නව
නිර්මාණ, ස්වර් රංග, ගීත තරංගනී, ස්වර වර්ණ වැනි විශේෂ සංගීත වැඩසටහන් නිෂ්පාදනය
කරන ලදී. මෙහිදී ජී. එස්. බී. රානි පෙරේරා
මහත්මිය ද විශේෂයෙන් සිහිපත් කළ යුතුය. ඇය
ගායිකාවක් මෙන්ම වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙස ඉතා උසස් මට්ටමේ ගීත බොහෝ ප්‍රමාණයක්
ගුවන් විදුලි ගීත සාහිත්‍යයට දායාද කිරීමට මූලික වූවාය. ඉහත වැඩසටහන් සඳහා ගීත රචනා කරමින්, සංගීතය නිර්මාණය
කරමින්, ගායනා කරමින් නව ගේය පද රචක පරපුරක් ද, නව සංගීතඥ පරපුරක් ද නව ගායක
පරපුරක්ද බිහි විය.
අරිසෙන් අහුබුදු, හියුබත් දිසානායක, විමල්
අභයසුන්දර, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, අනුරාධ සෙනෙවිරත්න, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, තලංගම
ප්‍රේමදාස, ඩෝල්ටන් අල්විස්, ප්‍රේමකීර්ති ද අල්විස්, ආචාර්ය අජන්තා රණසිංහ, මහාචාර්ය
සුනිල් ආරියරත්න, ලූෂන් බුලත්සිංහල, ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ, ඩබ්. ඒ. අබේසිංහ, සුනිල්
සරත් පෙරේරා, ජයම්පතී අල්ගම, මහින්ද අල්ගම, ධර්මසිරි ගමගේ, රන්බණ්ඩා සෙනෙවිරත්න, සුනිල්
ආර්. ගමගේ, කේ. ඩී. කේ. ධර්මවර්ධන, කුලරත්න ආරියවංශ, කුමාරදාස සපුතන්ත්‍රී එම ගේය පද රචකයින් අතරින් කිහිප දෙනෙකි.
සංගීතඥයින් ලෙස පණ්ඩිත් අමරදේව, ආචාර්ය ප්‍රේමසිරි
කේමදාස, ලයනල් අල්ගම, වික්ටර් රත්නායක, සෝමදාස ඇල්විටිගල, පී. ඩන්ස්ටන් ද සිල්වා, ඩී.
ආර්. පීරිස්, එච්. එම්. ජයවර්ධන, ස්ටැන්ලි පීරිස්, රෝහණ වීරසිංහ, ලක්ෂ්මන්
විජේසේකර, රෝහණ බැද්දගේ වැන්නන් ද ගායක ගායිකාවන් ලෙස පණ්ඩිත් අමරදේව, වික්ටර්
රත්නායක, මහාචාර්ය සනත් නන්දසිරි, ආචාර්ය නන්දා මාලනී, ආචාර්ය දයාරත්න රණතුංග, මහාචාර්ය
අමරා රණතුංග, සුනිල් එදිරිසිංහ, ටී. එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ, මර්වින්
පෙරේරා, නිරංජලා සරෝජිනී, රෝහණ බැද්දගේ, ප්‍රියා සූරියසේන, බන්දුල විජේවීර ආදීන්
හැදින්විය හැකිය.
පසු කාලයේ මේ සියළු දෙනාම සරල ගී වැඩසටහන් සඳහාද
දායක වී ඇත.
ජන ගී
ගුවන් විදුලියට ජන ගී හඳුන්වා දෙන ලද්දේ ගරු
රඹුක්වැල්ලේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ විසිනි. උන්වහන්සේ ඒවා ඉදිරිපත් කරන ගමන් ඒ.
ඌරාපොල ටිකිරි බණ්ඩා මහතාව ද සහභාගී කරවා ගත්හ.
ඉන්පසු දක්ෂ ජන ගී ගායකයින් ගුවන් විදුලියට සම්බන්ධ විය.
ගාන තෙල් සදුන් (පැදුරු මාලේ කවි), යුද්දෙටත්
ඇවිත් (හටන් කවි), දෝයි අම්මා (දරු නැලවිලි), වරලසා පිලසෙ නීල (රබන් ගී), සැරී
සොඳට බැඳි වරලස (ගිරිදේවී කවි) ආදී වශයෙන් සාම්ප්‍රදායික ජන ගායනා ඇසුරෙන් කළ ප්රතිනිර්මාණ
ද හටන් ගී, ගජගා වන්නම, දරු නැලවිලි, තලමල ගී ආදී නාද රටා ඇසුරෙන් වාද්‍ය වෘන්ද ද
නිර්මාණය කළ කුලතිලක මහතා දේශීය ජන ගී නාද රටා ඇසුරෙන් නව ගීත ද නිර්මාණය කළ අතර
ප්‍රවීණ සංගීතඥයින්ට ද ජන ගී නාද රටා ඇසුරෙන් නිර්මාණ කරන්නට ආරාධනා කළේය. බැද්ද වටට සුදු මොර මල්, දෑතට වළලු, රන් දියඹයි,
මගෙ රත්තරන් හෙලේනා, මල්සරා, මියුරු සිනාවෙන්, කොස්වතුකන්දේ, මල්වනේ රෝස කැකුල ඉන්
කිහිපයකි. වත්මන් පරපුරේ ශිල්පින් ද ජන ගී
නාද රටා ඔස්සේ නව නිර්මාණ කරන්නට පෙළඹී ඇත්තේ එදා ගුවන් විදුලියේ සංගීත පර්යේෂණ
අංශයෙන් ජන ගී ආශ්රිත ගීත සාහිත්‍යයක් නිර්මාණය කළ නිසාය.
ටී. එම්. ජයරත්න, නිලා වික්‍රමසිංහ, රෝහණ බැද්දගේ,
නන්දා මාලනී, නන්දා පතිරණ, නාලිනී රණසිංහ, අයිවෝ ඩෙනිස්, නන්දා පෙරේරා, එඩ්වඩ්
ජයකොඩි, ආදීන් සංගීත පර්යේෂණ අංශයෙන් බිහි වූ නිර්මාණ සඳහා දායක වූ ශිල්පින්ය.
විරිදු
ගුවන් විදුලියේ මුල්ම කාලයේ විරිදු ඉදිරිපත් කළ
ශිල්පීන් දෙදෙනෙක් වන්නේ සිරිමතී පෙරේරා සහ ආනන්ද තිස්ස ද අල්විස් වේ. ආනන්ද තිස්ස ද අල්විස් විරිදු ගායනා කරන විට
ඔහුගේ පියා වයලීනය වාදනය කළේය. මුලින්ම
පැරණි තාලයකට විරිදු ගායනා කළ අතර නොයෙක් තාල අනුව විරිදු ගායනා කිරීම මෙන්ම ගැමි
කතා ආදිය ද විරිදු මගින් ඉදිරිපත් කිරිම ආරම්භ කරන ලද්දේ යූ. ඒ. එස්. පෙරේරා
විසිනි. ගාල්ලේ ජී. එම්. පියදාස, රත්නපුරේ
ආනන්ද කවිරත්න, මිණිපුර ජයසේන එකල නමගත් විරිදු ගායකයෝ වූහ.
බයිලා
බයිලා උසස් ගීත ලෙස අවදානයට ලක් වූවක් නොවේ. නමුත් 1950 – 1960 කාලයේ බයිලා ගායනා සඳහා
පරීක්ෂණයක් පවත්වා ඇති බව සඳහන් වේ. වෙළඳ
සේවයෙන් හා ස්වදේශීය සේවයෙන් බයිලා ප්‍රචාරය වී ඇති අතර ඒ සඳහා වෙන් වෙන්ව ගීත
ගැයූ ගායක ගායිකාවන් සිට ඇත.
සංගීත අංශය
1984 පෙරවාරි මාසයේ ගුවන් විදුලි සභාපති ධූරයට
පත් වූ ලිවී විජේමාන්න මහතා විසින් සංගීත අංශය වෙනම ඒකකයක් ලෙස පිහිටුවන ලදී. සංගීත
අංශයේ ප්‍රථම අධ්යක්ෂවරයා වූයේ ආචාර්ය දයාරත්න රණතුංග මහතා ය. ඉන්පසු සියලුම සංගීත වැඩසටහන් සංගීත අංශය යටතට
ගෙන නිෂ්පාදකවරුන් ලවා විධිමත් ලෙස නිෂ්පාදනය කරවන ලදී. සරල ගී, ශාස්ත්‍රීය සංගීතය, ජන ගී, නූර්ති, නාඩගම්,
විරිඳු, බයිලා ඇතුළු විවිධ සංගීත වැඩසටහන් සංගීත අංශයෙන් නිෂ්පාදනය විය. එමෙන්ම
සංගීත පර්යේෂණ අංශයත්, දෙමළ , මුස්ලිම්, හා ඉංග්‍රීසි සංගීත අංශ හා ප්‍රාදේශීය
සේවා සංගීත අංශත් සංගීත අධ්යක්ෂවරයා යටතට පත්විය. මේ නිසා සංගීත රසඥතාවය වර්ධනය
කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක විය. ප්‍රාදේශීය
සේවාවල වාදක මණ්ඩලයට සුදුස්සන් බඳවා ගෙන නව නිර්මාණාත්මක වැඩසටහන් නිෂ්පාදනය කරවන
ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ ඒ ප්‍රදේශවල
දක්ෂ ගායක ගායිකාවෝ සහ වාදකයෝ ද බිහි වූහ.
පෙරදිග, කර්ණාටක සහ අපරදිග සංගීත ශෛලීන් ගේ සම්මිශ්‍රණයෙන් විවිධ නිර්මාණ
ඇතුළත් භාව රංග වැනි ප්‍රසංග ද නව නිර්මාණ ගීත ද බිහි කරන ලදී.
සරල ගී
සරල ගී යන නාමය සිංහල ගීත ක්ෂේත්රයට එක් වූයේ
ගුවන් විදුලිය ඔස්සේ ය. මහාචාර්ය
රතන්ජන්කර් පඩිතුමා සහභාගි වූ ගුවන් විදුලි ශිල්පීන් වර්ග කිරීමේ පරීක්ෂණයෙන් විශිෂ්ට
ශ්‍රේණිය, ‘ඒ‘ ශ්‍රේණිය, ‘බී‘ ශ්‍රේණිය වශයෙන් ශිල්පීන් වර්ග කරන ලදී. මේ වර්ග කිරීම් ඔසසේ ඒ ඒ ශිල්පීන් සහභාගි වන
සරල ගී වැඩසටහන් විශිෂ්ට ශ්‍රේණියේ සරල ගී, ‘ඒ‘ ශ්‍රේණියේ සරල ගී, ‘බී‘ ශ්‍රේණියේ
සරල ගී වශයෙන් වර්ග විය. සරල ගී වැඩසටහනේ
ආරම්භය කවදා දැයි නිශ්චිත වශයෙන් සඳහන් කළ නොහැකි වුවත් වර්තමානය දක්වාම අඛණ්ඩව
පවත්වාගෙන යන වැඩසටහනකි. ඉතා උසස් ගණයේ පද
රචනාවලට ශාස්ත්‍රීය සංගීතය, සරල සංගීතය, බටහිර සංගීතය, දේශීය ජන ගී ආශ්‍රිතව
සංගීතය නිර්මාණය කරමින් ශ්‍රාවක රසවින්දනය ඉහල මට්ටමක පවත්වා ගෙන යමින් ගුවන් විදුලි
සරල ගී ඔස්සේ විශිෂ්ට ගී රාශියක් සිංහල ගීත ක්ෂේත්රයට තිළිණ කළේය.
විනාඩි 15 සහ විනාඩි 30 වශයෙන් සරල ගී වැඩසටහන්
ස්වදේශීය සේවයෙන් හා වෙළඳ සේවයෙන් දිනපතා ප්‍රචාරය වූ අතර විශිෂ්ට ගණයේ ගී නිර්මාණ
තම වැඩසටහන ඔස්සේ ඉදිරිපත් කරන්නට ශිල්පීන් උනන්දු විය. බොදු ගී, දේශාභිමානී ගී, පරිසර වර්ණනාත්මක ගී, මව්ගුණ
ගී, පිය ගුණ ගීත, නැලවිලි ගී, උපදේශ ගී, ආදර ගී , විරහ ගී ආදී වශයෙන් විවිධ මාතෘකා
ඔස්සේ මෙම ගීත නිර්මාණය විය.
සරල ගී වැඩසටහන් සඳහා සහභාගී වන සෑම ශිල්පියෙක්ම
ඉතා උනන්දුවෙන් වැඩසටහනට සහභාගී විය. සරල
ගී වැඩසටහන සඳහා ගීතයක් ගායනා කිරීමට පෙර පද රචනය අනුමත කරගත යුතු විය. මේ නිසා හරසුන් බොළඳ රචනාවලට ඉඩකඩ ඇසුරුනි. මේ නිසා ඉතා විශිෂ්ට ගණයේ ගීත එකතුවක් සරල ගීත
ඔස්සේ සිංහල ගීත ක්ෂේත්රයට ලැබිනි. ඒ
නිසාම දක්ෂතාවයෙන් පිරිපුන් නිර්මාණාත්මක ගීත රචක පරපුරක්ද බිහි විය. පෙර සඳහන් කළ ගේය පද රචකයින්ට අමතරව සරල ගී
සඳහා පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි, රත්න ශ්‍රී විජේසිංහ, රන්බණ්ඩා සෙනෙවිරත්න, බණ්ඩාර
ඇහැලියගොඩ, වසන්ත කුමාර කොබවක, පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි, මහින්ද දිසානායක, මහින්ද
චන්ද්‍රෙස්කර, කපිල කුමාර කාලිංග, සමන්ත හේරත්, බන්දුල නානායක්කාර වසම්, නිලාර්
එම් කාසිම්, යමුනා මාලිනී පෙරේරා, බුද්ධදාස ගලප්පත්ති, ලාල් හෑගොඩ, දයා ද අල්විස්,
කුසුම් පීරිස්, ආදීන් ද ගී පද රචනයෙන් දායක විය.
එම පද රචනා සඳහා සංගීතය නිර්මාණය කළේ ද ක්ෂේත්රයේ
ප්‍රවීණ සංගීතඥයන් විසිනි. තම ගායන
හැකියාවන් ඉදිරිපත් කර ශ්‍රේණිගත වු ශිල්පීන් පිරිසක් මෙම ගීත ගායනා කලහ. පණ්ඩිත්
අමරදේව, සුජාතා අත්තනායක, ලතා වල්පොල, වික්ටර් රත්නායක, නන්දා මාලනී, රූපා
ඉන්දුමතී, මහාචාර්ය සනත් නන්දසිරි, මහාචාර්ය අමරා රණතුංග, ආචාර්ය දයාරත්න රණතුංග, චන්ද්‍රිකා
සිරිවර්ධන, සුනිල් එදිරිසිංහ, අයිවෝ ඩෙනිස්, රෝහණ වීරසිංහ, ප්‍රියා සූරියසේන, ඇන්ජලින්
ගුණතිලක, ශ්‍රීමතී තිලකරත්න, සිසිර සේනාරත්න, ඉන්ද්‍රානි සේනාරත්න, නාලිනී රණසිංහ,
නීලා වික්‍රමසිංහ, ටී. එම්. ජයරත්න, අබේවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජිනී, නිර්මලා
රණතුංග, මල්කාන්ති නන්දසිරි, ශාන්ති ගීතදේව, ගුණදාස කපුගේ, එඩ්වඩ් ජයකොඩි, පියසිරි
විජේරත්න, අතුල සෝමසිරි, රෝහණ සිරිවර්ධන, ගුවන් විදුලි සරල ගීතය පෝෂණය කළ පිරිස
අතරින් කිහිප දෙනෙකි.
එදා මෙදාතුර සිංහල ගීත සාහිත්‍යය පෝෂණය කරන්නට
වැඩිම ගීත ප්‍රමාණයක් නිර්මාණය වූයේ ගුවන් විදුලි සරල ගී වැඩසටහන ඔස්සේය.
වෙළඳ සේවය
ගුවන් විදුලිය පිළිබඳව සඳහන් කරන විට වෙළඳ සේවය
ඔස්සේ සිංහල ගීතය පෝෂණය වු අයුරු විශේෂයෙන් සඳහන් කළ යුතුය. වෙළඳ සේවය ඔස්සේ වෙනම ගීත කලාවක් නිර්මාණය විය. ස්වදේශීය සේවය තරම් උසස් මට්ටමක් ගීතයෙන්
බලාපොරොත්තු නොවුණත් ශ්‍රාවක රසවින්දනයට කිසිසේත්ම හානි නොවන සරල ගීත සාහිත්‍යයක්
වෙළඳ සේවය ඔස්සේ නිර්මාණය විය. වෙළඳ සේවයට
වෙනම විශේෂිත වූ ශිල්පීන් පිරිසක් වූහ. එච්.
ආර්. ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන, ඉන්ද්‍රානි පෙරේරා වැනි
ශිල්පීන්, එම්. එස් ප්‍රනාන්දු, නිහාල් නෙල්සන්, මරියසෙල් ගුණතිලක, වැනි වේග රිද්ම
ගායන ශිල්පීන් ඉදිරියට ආවේ වෙළඳ සේවය ඔස්සේය.
වාදක මණ්ඩලය
කෙතරම් උසස් මට්ටමේ පද රචනයක් වුවත් විශිෂ්ට ස්වර
රචනයකිත් හැඩගැන්වී ගායකයෙකුගේ හෝ ගායිකාවකගේ හඞින් ජනතාව අතරට යන්නට පසුබිමින්
ලැබෙන්නා වූ යෝධ ශක්තිය වන්නේ වාදක මණ්ඩලයයි.
ගුවන් විදුලි වාදක මණ්ඩලය අති දක්ෂ වාදන ශිල්පින්ගෙන් සැදුම් ලද්දකි. ස්ථිර
වාදක මණ්ඩලයක් හිමි ලංකාවේ එකම විද්‍යුත් මාධ්‍ය ආයතනය ද ගුවන් විදුලියයි. අදටත් අප කතා කරන විශිෂ්ට වාදකයින් හැමදාම
බිහිවූයේ ගුවන් විදුලියෙනි.
පළමු වාදක මණ්ඩලය ගුවන් විදුලියේ ස්ථාපිත වන්නේ 1939
වර්ෂයේ දීය. එහි නායකත්වය ඉසිලුවේ එවක
කීර්තිමත් වයලින් වාදන ශිල්පියෙකු වූ එච්. දොන් වින්සන්ට් පීරිස් මහතාය. පසුකාලීනව එඩ්වින් සමරදිවාකර, පණ්ඩිත් අමරදේව, සෝමදාස
ඇල්විටිගල වැනි මහා ගාන්ධර්වයන්ගේ නායකත්වය යටතේ වාදක මණ්ඩලයේ ශිල්පීන් ගුවන්
විදුලියේ විවිධ සංගීත වැඩසටහන් සඳහා සිය දායකත්වය ලබා දී ඇත. 1969 වර්ෂයේ දී සෝමදාස ඇල්විටිගල මහතාගේ
නායකත්වයෙන් සිංහල සේවයේ වාදක මණ්ඩලය ද ශාන්ති දිසානායක මහතාගේ නායකත්වයෙන් වෙළඳ
සේවයේ වාදක මණ්ඩලය ද මනිබගවතාර් මහතාගේ නායකත්වයෙන් දෙමළ සේවයේ වාදක මණ්ඩලය ද
පවත්වාගෙන යන ලදී. 1970 සංගීත පර්යේෂණ
අංශය ආරම්භ කිරීමෙන් පසු පස් දෙනෙකුගෙන් යුත් දේශීය වාදක මණ්ඩලයක් ද ගුවන් විදුලි
වාදක මණ්ඩලයට එකතු විය.
ශ්‍රී ලාංකීය සංගීත අම්බරය බැබලවූ වාදන ශිල්පීන්
වන එම්. කේ. රොක්සාමි, එච්. එම්.ජයවර්ධන, බර්ටි රණසිංහ, සෝමපාල රත්නායක, ඩී. ඩී. ගුණසේන,
කලනි පෙරේරා, වයි. එම්. සුමනසිරි, තිස්සසිරි පෙරේරා, හේමපාල ගාල්ලගේ, විජේරත්න
රණතුංග, එන්. ඇන්තනී, ලෙස්ලි අශෝකා, ආනන්ද ප්‍රේමසිරි, පියදාස අතුකෝරල, එම්. ඩබ්. පීරිස්,
නිහාල් පෙරේරා, ඇන්තනි සුරේන්ද්‍ර , සුසිල් අමරසිංහ, සන්දෝරිස් ජයන්ත, කමෙල්
රත්නසිරි, හර්බට් දයාශීල, මහේන්ද්‍ර ගුණසිංහ, ඇතුළු ප්‍රවීණයන් ගුවන් විදුලි වාදක
මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිංහල ගීත ක්ෂේත්රය පෝෂණය කරන්නට සිය වාදන ප්‍රතිභාවෙන්
දායක වූහ. නව පරපුරේ වාදන ශිල්පීන් ද ප්‍රවීණයන් ගිය මගෙහි යමින් වර්තමාන ගුවන්
විදුලි සංගීත වැඩසටහන් සඳහා සිය දායකත්වය ලබා දෙමින් සිටිති.
මේ අයුරින් සුභාවිත ගීත දහස් ගණනක් නිර්මාණය කරමින් ගීතය, සංගීතය ඔස්සේ උසස් රුචිකත්වයක් ඇති ප්රබුද්ධ ශ්‍රාවක පිරිසක් බිහි කරන්නට ශ්‍රී ලංකා ගුවන් විදුලිය අති විශිෂ්ට මෙහෙවරක් ඉටු කළේය
The Sri Lanka Broadcasting Corporation to this day is one of the
finest Radio Stations in the world. It also happens to be the oldest radio
station in Asia and third oldest in the world.
On December 16th 1925 the then British Governor Sir Hugh Clifford
inaugurated the broadcasting services in Sri Lanka. It was first known as
Ceylon Radio. In 1943 broadcast station premises were shifted from Torrington
to a bungalow named Bower in Cotta Road Boralla due to the second World War.
The Bower ceased broadcast by midnight of December 30th ,1949.The name changed
to Radio Ceylon and the station shifted to from Torrington Square on January 1
st,1950. On January 5th 1967, it became a state Corporation and this year SLBC
commemorate its 95th year.
Commercial broadcasting from Radio Ceylon was inaugurated on
September 30,1950 to which Clifford Dodd was seconded for service via Colombo
plan. It was a ground breaking experience as far as broadcasting in Ceylon was
concerned .Clifford R Dodd is regarded as the “father of the commercial
broadcasting” in Ceylon.
Dodd was ably assisted by Lankans Tim Horshington and Livy Wijemanne
who later moved from the National Service to the Commercial Service.
Vernon Corea, Greg Rozkowski, Karl Goonasena, Jimmy Bharucha,
Eardley Pieris, Percy Bartholemeuz, Norton Perera ,Ronald Campbell, Errol
Alphonso,Greoff Fruigtneth,,Prosper Fernando, Sita Jayawardana, Ferin Rustomlee
,Rohan Candappa, Dan Durairaj ( the first Tamil Commercial Service
Announcer),Shirlry Perera, Myrl Walpola ( Williams), Vijaya Corea, Leon
Belleth, Nihal Bharathi, Stephen Alagarathnam, V. Rajendra, Noelin Honter,
Harold Fernando, Bevil Palihawadana, Dudley Jansz, Mahinda Wijesundara, Arun
Dias Bandaranayake, Mahes Perera and a few more came over the airwaves of the
commercial service.
After the 80s’ including veterans like Indrani Senanayake, Fathima
Cader, Niranjan Abeysundara ,Tilani Peiris,Kumar Samuel,Chris Bandara, Yusuf
Noordeen, Carril Stella, Richard De Soiza, Ravi John, Eric Fernando, Faizal
Bonso, Savithri Rodrigo. Rajan Vairavanathan ,Krishna Vairavanathan, Sunil Simon,
Gladwin Willie, Dayan Candappa, Viran Corea , Saunthi Thavam, Lavani
Selvanayagam, Virangika, Steeve moral.
And today the English Service handsfull of talented young ,
announcers representing the youth of the society like Shareefa Thahir, Chandima
Weerakoon, Victor Raj, Mario Wijewardana, Geethanjali Ramanayake ,Sabrina
Savahir, and more.
The above entertained the listeners who looked forward to listen to
their presentations and the right pronunciation through the English Service.
The backup music library which includes more than 70,000 records has
been quite often described as the best in Asia dating back to those breakable
low fidelity 78rpm records with metadata. Usable substantial materials of the
40s,50s and 60s music on long playing Hi-Fi records are still being used.
Thanks to the updated maintenance the Turntables are still usable .Digital
Archiving process is one of
the ongoing projects in SLBC since 2009 to present .It helps to
protect and preserve existing materials for future use.
ලංකා ගුවන් විදුලිය ඇරඹීම බ්‍රිතාන්‍ය
අවශ්‍යතාවකි. අප රටේ ගුවන් විදුලි සේවාවක් ආරම්භ කරන ලෙසට ලාංකේය ඉල්ලීමක් නොවී ය.
ලංකා ගුවන් විදුලිය ආරම්භ කිරීමේ පුරෝගාමීයා ලෙස සැලකෙන විදුලි සංදේශ ඉංජිනේරු
එඩ්වඩ් හාපර් මහතා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ගුවන් විදුලියක් ආරම්භ කිරීමේ අරමුණ
ඇතිව නොවේ. 1922 නොවැම්බර් 24 වෙනි දින පිහිටුවාගත්
ලංකා ආධුනික ගුවන් විදුලි සමාජයේ මුඛ්‍ය අරමුණ වූයේ ලංකාවේ ගුවන් විදුලි සේවයක්
ආරම්භ කිරීමයි.
ජාතික ගුවන් විදුලියේ සංස්කෘතික
මෙහෙවර සලකා බැලීමේ දී අවබෝධ කරගතයුතු මූලික කරුණ වන්නේ, සංස්කෘතික යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ
කුමක්ද යන්නයි. එසේම මාධ්‍ය
සංස්කෘතිය, මාධ්‍ය සහ සංස්කෘතිය අතර
ඇති සබඳතාවයි. සන්නිවේදනය සහ සංස්කෘතිය විෂය දහරා දෙකක් නොව එකක් ලෙසට හැඳින්වීම
කෙරෙහි සාධක රාශියක් ඉදිරිපත් කළ හැකි බව මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ‘සංස්කෘතික
සන්නිවේදනය සහ නිර්මාණ’ කෘතියෙහි සඳහන් කරයි (2010 :11).
කිසියම් සමාජයකයට විශේෂ වන්නා වූත්, එහි ගති ලක්ෂණ හැටියට
සැලකිය හැක්කා වූත් දැන උගත්
ප්රතිචාරයන්හි
සංවිධානාත්මක එකතුවක් ලෙස සංස්කෘතිය අර්ථ දැක්වේ. සංස්කෘතිය පොදු චර්යාවකට වඩා
චින්තනය හා බැඳුණු ක්‍රියා කලාප ඇසුරින් හඳුනාගත යුක්තකි. සංස්කෘතිය එක් ආකාරයකට
ධර්මතාවකි. සංස්කෘතිය පිළිබඳ මානව විද්‍යාත්මකව ඇගැයීම් කළ මැලිනොවිස්කි (1884-1942 ), රේමන් පර්ත් (1901-2002 ), මාග්‍රට් මිඩ් ( 1901-1978 ) ඇතුළු සමාජ මානව විද්‍යාඥයන්ගේ
මත පිළිබඳ අධ්‍යයනයක් කරමින් එයින් හඳුනාගත හැකි පොදු ලක්ෂණ හතරක් විමසුමට ලක්කර
තිබේ. දිර්ඝකාලීන අඛණ්ඩත්වය, ඓතිහාසික ඉගෙනුම් ක්‍රියාවලිය, සමාජ සම්බන්ධතා ජාලය සහ
සමාජ අන්තර් ක්‍රියාකාරිත්වය යනු එම කරුණු හතරයි (නානායක්කාර, 2015: 52-53). ජාතික ගුවන් විදුලි
සංස්ථාවේ මෙහෙවර විමසීමේ දීි අපට ඉහත සඳහන් කර ඇති චතුර්විධ සංස්කෘතික ලක්ෂණ භාවිත
කළ හැකි ය. ශ්‍රී ලංකා සමාජය සම්බන්ධව ගුවන් විදුලියේ මෙහෙවර මෙම එක් එක් කරුණු හා
එම කරුණුවල අන්තර් සම්බන්ධතා ඇසුරින් තේරුම් ගත හැකි ය.
වසර අනූපහක කාලයක් තිස්සේ, ශ්‍රී ලංකා ගුවන් විදුලිය
විසින් ඉටුකරනු ලැබ ඇති දැවැන්ත සංස්කෘතික දායකත්වය මෙවැනි ලිපියකින් විවරණය කළ
නොහැකි ය. එය ශ්‍රී ලංකා සමාජය වෙත මුදාහරින ලද සංස්කෘති ප්රවාහයකි.
එම ප්රවාහයේ ස්වභාවයත්,
කාර්යභාරයත්
ඒ ඒ යුගවල සමාජ - ආර්ථික - දේශපාලන ප්රවණතාවන්ට
අනුව වෙනස් ය. 1990 දී පෞද්ගලික ගුවන්
විදුලිය ආරම්භ වන තෙක් එහි මෙහෙවර සහ ගත වූ වසර 30 ඇතුළත ශ්‍රී ලංකා සමාජය
අත්විඳින සංස්කෘතික කම්පන සලකා බැලීමේදී, ජාතික ගුවන් විදුලියේ අනන්‍යතාව වටහා ගත හැකි ය. බහුමාධ්‍ය
සමාජ පරිසරයක ගුවන් විදුලිය පමණක් හුදකලා කොට අර්ථකථනය කළ හැකි නොවේ. අප ජාතික
ගුවන් විදුලියේ සංස්කෘති මෙහෙවර විමසිය යුත්තේ, මෙම සංකිර්ණ සමාජ
පසුබිමෙහි සිටිමිනි. එහි සක්‍රීය හෝ අපේක්ෂිත ක්‍රියාකාරකම් ඉටුකර ගැනීමට එල්ල
කරන අභියෝග සමාජ - ආර්ථික - දේශපාලන - සංස්කෘතික බලවේගවල ප්රතිඵලයකි.
මෙම ස්වභාවය සාධක රැසක් ඔස්සේ විග්රහ
කළ හැකි ය. එම විග්‍රය සිදු කරන්නේ සංස්කෘතියක ක්‍රියාකාරිත්වය සිදුවන ආකාරයන්ට
අනුව ය.
සංස්කෘතිය
නිර්මිතයකි
ශ්‍රී ලංකා ජාතික ගුවන් විදුලිය 1920 දශකයේ සමකාලීන සමාජ -
ආර්ථික - දේශපාලන - සංස්කෘතියේ
නිර්මාණයකි.
එය කලින් කල විවිධ සමාජ සංස්කෘතික බලවේග ඇසුරින් වර්ධනය වී තිබේ. එනම් ගුවන්
විදුලියේ සම්භවය සහ පරිණාමය සංස්කෘතියේම නිර්මිතයකි.
සංස්කෘතිය
දරා ගැනීම හා ගබඩා කිරීම
පසුගිය වසර 95 කාලය පමණක් නොව ශ්‍රී
ලංකා ජන සමාජයේ
වසර දහස්
ගණනක සමාජ - ආර්ථික - දේශපාලනය - සංස්කෘතික දැනුම සංවිධානය කරමින් දරා සිටිමින් ශ්රැතිගෝචර
ආකාරයට ගබඩා කර තිබේ. ළමා, තරුණ, කාන්තා, ශාස්ත්‍රිය, ක්‍රීඩා වැඩසටහන් ජන ගී, කවි, නාඩගම්, නූර්ති, යාතු කර්ම, ගීත නාටක, නාට්‍ය, විකට ජවනිකා එසේ ගබඩා කර
ඇති සමහරකි. කවීන්ගේ, ගායකයන්ගේ විවිධ ගායනා, සංගීත හඬ, විශ්වයේ විවිධ ස්වාභාවික
ශබ්ද නිර්මාණය කරගත් ශබ්ද ආගමික ජාතික නායකයන්ගේ කථා, ජාතික ජාත්‍යන්තර විශේෂ අවස්ථා ශබ්ද
පටි, තැටි, සංයුක්ත තැටි හා නවීන
තාක්ෂණය යටතේ ගබඩාකර තිබේ.
ශ්‍රි ලංකා ගුවන් විදුලියේ සුභාෂිනි
ද සිල්වා ‘හඬ’ සගරාවට ලියා ඇති ආකාරයට : සිල්වා, 2014 ථ68-69 * සිංහල තැටි 22500, සිංහල පටි 28260, සිංහල සංයුක්ත තැටි 6721, දෙමළ තැටි 41466, දෙමළ පටි 13470, දෙමළ සංයුක්ත තැටි 1761, ඉංග්‍රීසි තැටි 65414, ඉංග්‍රිසි පටි 7769, ඉංග්‍රීසි තැටි 3362 හින්දි තැටි 26763, හින්දි පටි 800, හින්දි සංයුක්ත තැටි 830 එයට ඇතුළත් ය. මෙම ලිපිය
ලියූ 2014 සිට අද දක්වා වසර හයක
කාලය තුළ මෙම සංඛාව තවත් වර්ධනය වී ඇත. මෙය ජාතික වශයෙන් පමණක් නොව, විශ්ව සංස්කෘතික
දායාදයකි. මෙම දැනුම ජන මතකයට එක්කොට පරපුරෙන් පරපුරට ගෙන යාමට සලස්වමින් ඉටුකර
ඇති සංස්කෘතික මෙහෙවර බලවත් වූවකි.
සංස්කෘතිය
ප්‍රවර්ධනය කිරීම
අපට අවේණික සංස්කෘතිය ප්‍රවර්ධනයට
විවිධ වැඩසටහන් ප්‍රචාරය කරමින් දායකත්වය ලබා දී තිබේ. අප සිරිත් විරිත්
හඳුන්වාදීමට වෙනත් සංස්කෘතින්ගේ සිරිත් විරිත් හා අවබෝධය වර්ධනය කිරීමට දරා ඇති
උත්සාහය ප්‍රබල වූවකි. විවිධ අධ්‍යාපන උපදේශන, කෘෂි, ගැමි සංස්කෘතික සෞඛ්‍ය දැනුම, ප්‍රවර්ධන වැඩසටහන්, අගය කිරීම් සහ සහභාගි කර
ගැනීම් ඇතුළු විවිධ උපක්‍රම ඔස්සේ සංස්කෘතික ප්‍රවර්ධනයට දායක වී තිබේ.
නව
සංස්කෘතික රටා ප්‍රචලිත කිරීම සහ අන්තර් සංස්කෘතික පෙළඹවීම
සංස්කෘතිය එක්තැනක නතර වී
පවතින්නක් නොවේ. වෙනස් වීම එහි ස්වරූපයයි. විවිධ නව සංස්කෘතින් අප රටෙහි
සංස්කෘතියට අනුගත කරමින් අවශෝෂණය කර ගැනීමට ප්‍රබල දායකත්වයක් ලබා දී තිබේ. විවිධ
ජාතීන් සහ ආගම් ඇති රටෙක සංස්කෘතික රටා පොදු පිළිගැනීමට ලක්වෙන ආකාරයට ඉදිරිපත් කර
තිබේ. ආරම්භයේ සිටම වාර්ගික සමගිය ඇති කිරීමට කටයුතු කර ඇති බව හඳුනා ගත හැකිය.
සංස්කෘතියේ විවිධත්වය වින්දනීිය ලෙස විඳගැනීමට අවස්ථා සලසා දී තිබීම වැදගත්
කරුණකි.
ඒ සඳහා ගීත, නාට්‍ය, සඟරා, වාර්තා ඇතුළු මූලික සහ සංකීර්ණ
වැඩසටහන් ආකෘති දායක කරගෙන තිබේ. විවිධ සංස්කෘතික ආක්‍රමණ අසම්මත භාෂා භාවිතය
සිදුවන විට අනන්‍යතාව රැක ගැනීමට පෙළඹවීම උදාහරණයකි. රටෙහි සංවර්ධන ප්රවාහයට ප්‍රජාව
දායක කර ගැනීමට දක්වන උනන්දුව ද එවැන්නකි. හැත්තෑව දශකයේ සංවර්ධන ගීත උදාහරණයක්
ලෙස දැක්විය හැකි ය.
අන්තර්
සංස්කෘති සම්බන්ධතා පෝෂණය කළ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම
ගුවන් විදුලිය අන්තර්
සංස්කෘතික සම්බන්ධතා පෝෂණය කළ මධ්‍යස්ථානයකි. එක් එක් සංස්කෘතික අංග එක් කරමින් වැඩසටහන්
ඉදිරිපත් කර තිබේ. විවිධ සංස්කෘතික උරුමයන්, නාද රටා සහ ගායන විශේෂ ඇසුරින්
නිර්මාණ ඉදිරිපත් කරමින් සංස්කෘතික අවබෝධය ප්‍රවර්ධනය කර තිබේ. එකම සංදර්ශනයක
විවිධ සංස්කෘතික අංග ඉදිරිපත් කරයි. මේ ඇසුරින් සංස්කෘතික අවබෝධය ප්‍රචලිත කළ අතර
ඒ එක් එක් වැඩසටහන් සඳහා පහසුකම් සපයන මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියාත්මකයි. විවිධ
පර්යේෂණ ඇසුරින් වැඩ සටහන් පෝෂණය කර තිබේ.
සංස්කෘතික
අධ්‍යාපනයේ පුරෝගාමියෙකි
විවිධ වැඩසටහන් තුළින්
සංස්කෘතික අධ්‍යාපනය ලබා දීමට ශ්‍රී ලංකා ගුවන් විදුලිය කටයුතු කර තිබේ. පාසල්
ඉලක්ක කර ගත් මාධ්‍ය අධ්‍යාපන වැඩ සටහන් ඉදිරිපත් කිරීම එක් මෙහෙවරකි. සංස්කෘතිය
පිළිබඳ ප්‍රජා අධ්‍යාපනය ලබා දීමෙන් පුරෝගාමී මෙහෙවර ඉටුකර තිබේ. එය සංස්කෘතික
විෂමතා අවම කිරීමට ඉටුකරන ලද මෙහෙවරකි. සමස්ත ගුවන් විදුලි වැඩසටහන් විමසීමෙන් එහි
අධ්‍යාපනික ලක්ෂණ විමර්ශනය කළ හැකි ය.
සමාජ
සංස්කෘතික ක්‍රම විකාශනයේ සංකේතයකි
ජාතික ගුවන් විදුලිය, ජාතික සංස්කෘතියේ අනන්‍යතා
සංකේතයකි. ජාතික උරුමයේ සංකේතයකි. එහි නිවේදන ශෛලිය, උච්චාරණ විලාස එයට ආවේණික ලක්ෂණවලින්
සමන්විත ය. භාෂාව හැසිරවීම තුළින් පරමාදර්ශ සපයයි. එය මානව වංශ. සංස්කෘතික ක්‍රම
විකාශනයේ සුවිශේෂි මෙහෙවරකි. විවිධ සංස්කෘතික ප්රවාහයන් ඇති වුවද රටට දේශයට
ආවේණික අනන්‍යතාව රැක ගැනීම සඳහා මෙහෙවරක් කර ඇත්තේ ප්‍රබල අභියෝග මධ්‍යයේ ය. ජනප්‍රිය
සංස්කෘතික ලක්ෂණ නිවැරදිව උකහා ගැනීමට උත්සාහ කරමින් සංස්කෘතික ක්‍රම විකාශනය සක්‍රිය
කර තිබේ.
නූර්ති, නාඩගම්, කෝලම් ඉන්දීය සම්භවයකින් යුක්තය.
බයිලා පෘතුගිසි උරුමයකි. රූකඩ ගීත නාඩගම් ඇසුරින් වර්ධනය වී තිබේ. එහෙත් මේ සියල්ල
දේශීය උරුමයේ කොටස් වශයෙන් අවශෝෂණය කර ගැනීමට අප සංස්කෘතිය ප්‍රබල වී තිබේ. එහිදී
ගුවන් විදුලියේ සංස්කෘතික මෙහෙවර උපකාරි වී තිබෙන ආකාරය නිරීක්ෂණය කළ හැකි ය. මෙම
සංස්කෘතිකාංග පෝෂණය වී ජනගත වූයේ ගුවන් විදුලිය නිසා ය. කර්ණාටක, හින්දුස්ථානි සංගීත දේශීය
සංගීතය ඇතුළු විවිධ සම්ප්‍රදායන් බටහිර සංගීත ආභාසයන් කණ්ඩායම් ගී ඇතුළු විවිධ
සංස්කෘතික අංග දේශීය ජනයාගේ රසවින්දනයට මැනවින් භාවිත කොට තිබේ.
ලංකා ජන සමාජයට, ජන සංස්කෘතියට ප්‍රබල
බලපෑමක් ඇති කළ ගුවන් විදුලිය බි්රතාන්ය අධිරාජ්‍යවාදී ප්‍රතිපත්ති ස්ථාපිත
කිරීමේ දේශපාලන මෙවලමක් ලෙස යොදා ගෙන නොමැති බව පැහැදිලි ය. මෙම පදනම ලංකා ජන
සංස්කෘතියට අසිරිමත් මෙහෙවරක් කිරීමේ පසුතලය නිර්මාණය කර ඇති බව නිරීක්ෂණය කළ හැකි
කරුණකි.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි ඉතිහාසය
ප්‍රධාන අදියර තුනක් යටතේ විග්රහ කළ හැකි අතර එය සංස්කෘතික මෙහෙවර හඳුනාගැනීමේ දී
මහෝපකාරි වේ. ලංකා ගුවන් විදුලියේ ආරම්භයේ සිට 1948 පෙබරවාරි 4 වනදා නිදහස ලබා ගන්නා
තෙක් පැවතියේ යටත් විජිත ගුවන් විදුලි අවධියයි. 1948 සිට විවෘත ආර්ථිකය ඇරඹෙන 1977 තෙක් කාලය ශ්‍රී ලංකා
ගුවන් විදුලියේ සංවෘත ආර්ථික අවධිය ලෙසත්, 1977 සිට අද දක්වා කාලය විවෘත
ආර්ථික අවධිය ලෙසත් අර්ථකථනය කළ හැකි ය.
මෙම කාල පරාස අතර සිදු වූ විශේෂ
සංසිද්ධීන්, සමාජ ප්‍රගමන, තාක්ෂණික බලපෑම්, දේශපාලන මතවාද ප්‍රවර්ධනය
සංස්කෘතික මෙහෙවර කෙරෙහි සිදු කර ඇති බලපෑම් විවිධ ස්වරූප ගනී. ජාතික ගුවන්
විදුලියේ සංස්කෘතික මෙහෙවර හුදෙකලා ලෙස විග්රහ කළ නොහැකි ය. එය සමකාලීන සමාජ, ආර්ථික, දේශපාලනික බලපෑම සමග
තුලනාත්මකව විමසමින් හඳුනාගත යුතු ය.
බි්රතාන්ය ජාතිකයන්ට ලංකාවේ ගුවන්
විදුලි සේවාවක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවක් පැවති බැව් පැහැදිලි ය. මාර්කෝනි ගුවන්
විදුලිය ව්‍යාප්ත වූයේ මහා බ්‍රිතාන්‍ය කේන්ද්‍ර ගත කරමිනි. වර්තමාන පොදු රාජ්‍ය
මණ්ඩලීය රටවල ගුවන් විදුලිය ආරම්භ කර ඇති අවධීන් පිළිබඳ විග්රහයේ දී මෙම සේවාව ව්‍යාප්ත
කිරීමට පැවති අධිරාජ්‍යවාදි අදහස හඳුනාගත හැකි ය. ලංකාවේ ගුවන් විදුලියක් ආරම්භ
කිරීමට උනන්දු වූ බි්රතාන්ය ජාතීන් කීප දෙනා යටත් විජිත පාලනය විසින් දිරිමත් කර
තිබේ. 1922 නොවැම්බර් 24 වනදා ලංකා ආධුනික ගුවන්
විදුලි සමාජය ආරම්භ වේ. එම සමාජයේ මූලික අරමුණ වී ඇත්තේ දිවයිනේ ගුවන් විදුලි සේවාවක් ඇරඹීම ය. මෙය මාර්කෝනි ගුවන්
විදුලිය ඇමරිකාවේ සහ
යුරෝපයේ තම ව්‍යාප්තිය අරඹමින් සිටි
අවධියකි. ප්‍රංශය,
ජර්මනිය, චීනය. ඕස්ට්‍රේලියාව, ස්වීඩනය, ඩෙන්මාර්කය, බෙල්ජියම, ජපානය, ඉන්දියාව වැනි ලොව ප්‍රබල
රටවල් රැසකට ප්‍රථම අප රටේ ගුවන් විදුලි ඇරඹෙනුයේ මේ නිසා ය. ගුවන් විදුලිය නමැති
අසිරිමත් මෙවලම පිළිබඳ අත්දැකීම් සහිත බි්රතාන්ය නිලධාරීන් එය ලංකාවේ ආරම්භ
කිරීමට දරා ඇත්තේ ප්‍රබල උද්යෝගයකි. 1924 පෙබරවාරි 2 වන දින තරුණ ක්‍රිස්තියානි
ශාලාවේ දී ප්‍රදර්ශන විකාශයක් සිදු කිරීමෙන් මෙය විද්‍යමාන ය.
ලංකා යටත්විජිත පාලනය ගුවන් විදුලි
විකාශනයක් ආරම්භ කිරීමට හැකි වන ආකරයට 1908 ලංකා විදුලි සංදේශ පනතට, 1923 ජූලි 15 වන දින සංශෙෘ්ධන ඉදිරිපත්
කර තිබේ. ප්‍රදර්ශන විකාශය සිදු කිරීමටත් ප්‍රථම 1924 ජනවාරි 31 වන දින ගුවන් විදුලි
බලපත්‍ර ලබා ගැනීමට හැකි වන සේ නීතිමය පහසුකම් සකස් කර තිබේ. ප්‍රදර්ශන විකාශය
පවත්වා මාස තුනක් දින දෙකක් ගත වන විට ලංකාවේ ගුවන් විදුලි සේවාවක් ආරම්භ කිරීමට
ඇති හැකියාව පිළිබඳව කමිටුවක් පත් කර එම විකාශනය පැවැත්විය යුතු ආකාරය පිළිබඳ
කමිටු නිර්දේශ ලබා ගනිමින් යටත්විජිත ලේකම්වරයාගේ සහ ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ලබා
දී තිබේ. ඉහත කමිටුවට පත් කර ඇත්තේ ද ගුවන් විදුලිය ආරම්භ කිරීමට උනන්දුවෙන්
කටයුතු කළ ඒ කෙරෙහි කැපවීමකින් කටයුතු කළ නිලධාරීන් ය. ගුවන් විදුලි සේවාව ආරම්භ
කිරීම පිළිබඳ යටතවිජිත රුචිකත්වය සහ ඕනෑකම මේ අනුව පැහැදිලි ය.
ශ්‍රී ලංකාව සංස්කෘතික වටිනාකම්වලින්
අනූන රාජ්‍යයකි. වසර 2500 කට අධික ලිඛිත ඉතිහාසයක්
අප රට සතුය. සංක්‍රමණ, ආක්‍රමණ, රාජ දූත මෙහෙවර, වෙළෙඳ සබඳතා ඇතුළු කරුණු
රැසක් නිසා පුළුල් වශයෙන් ඉන්දීය සහ යුරෝපීය බලපැම් යොමු වූ රාජ්‍යයකි. චීනය, තායිලන්තය සහ මියන්මාර්
රජ්‍ය සංස්කෘතික ලක්ෂණ අප සංස්කෘතිය හා මිශ්‍ර වී තිබේ. සීතාවක යුගයේ හා කන්ද උඩරට
රාජ්‍යයේ අවසාන කාලයේ මුස්ලිම් බලපෑම යම් පමණකට පැවති බව හඳුනා ගත හැකි ය. එහෙත්
පුළුල් ජන සංස්කෘතික හා කේන්ද්‍රීය වටිනාකම් අනුව දේශජ උරුමය මගින් මෙම සංස්කෘතික
බලපෑම රටට ගැළපෙන ආකාරයට සකස් කර ගැනීමට සමත් වී තිබේ. වසර 443 ක බටහිර ජාතීන්ගේ බලපෑම පැවතිය
ද බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් මෙන් ම
බටහිර සංස්කෘතික ලක්ෂණවලින් සමන්විත සංස්කෘතියක් වර්තමානය වන විට ගොඩ නැගී තිබේ.
අපි එය ලාංකේය සංස්කෘතිය වශයෙන් හඳුන්වමු. තම තමන්ගේ විශ්වාස සහ ලබ්ධීන්ට අනුව
සංස්කෘතිය විඳ ගන්නා නමුදු අනන්‍ය සංස්කෘතීන් කෙරෙහි සහනශීලිත්වයකට අවකාශ ලබා දීම
ශ්‍රී ලංකා සංස්කෘතියේ හදුනාගත හැකි ලක්ෂණයකි. වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමට
නොහැකි ආකාරයෙන් මිශ්‍රිත සංස්කෘතික සම්ප්‍රදායන් ද පවතී. මෙම ක්‍රියාකාරකම්
කෙරෙහි ගුවන් විදුලිය ප්‍රබල ලෙස බලපා ඇති බව සහේතුකව සඳහන් කළ හැකි ය.
ගුවන් විදුලිය ඇරඹීම අප සංස්කෘතික
භාවිතයේ හැරවුම් ලක්ෂ්‍යයකි. යටත්විජිත යුගයේ ගුවන් විදුලි පාලනය බි්රතාන්යයන්
සතුව පැවතියකි. 1818 සහ 1848 ජනතා අරගල මර්දනය කළ
ආකාරයට හා 1832 කොල්බෲක් ප්‍රතිසංස්කරණවලින්
පසුව මුඩුබිම් පනත මගින් ස්වදේශිකයන්ගේ භූමිය පැහැරගත් අධිරාජ්‍යවාදි වාණිජ එළඹුම
හා ගුවන්විදුලි මෙහෙයවීම අතර පැහැුදිලි වෙනස්කම් හදුනාගත හැකි ය. යටත්විජිත ගුවන්
විදුලිය අප සංස්කෘතික ප්‍රවර්ධනයට ලබා දී ඇත්තේ දායකත්වයකි. මෙවැනි හිතවාදි
සහනශීලි පාලනයක් ගෙන යාම කෙරෙහි බලපෑ සාධක රාශියකි.
1917 රුසියානු විප්ලවය අධිරාජ්‍යවාදයට
එරෙහි ජනතා පෙළගැස්මකි. සමාජවාදි රාජ්‍ය ලොව විවිධ දේශවල ඇති විය. මෙය ප්රගතිශීලි
මතවාද බලාත්මක කිරීමකි. අධිරාජ්‍යවාදය ප්‍රතික්ෂේප කිරීමකි. යුරෝපා තරුණ ප්‍රජාව
තුළ, විශ්වවිද්‍යාල තුළ මෙම
මතවාද පැතිර ගිය අතර, යටත්විජිත ස්වාධීනතාව ලබා
ගැනීම සඳහා ගෙන ගිය අරගල සඳහා මෙම කණ්ඩායම්වල සාධනීය මතවාදී බලපෑමක් විය. ශ්‍රී
ලංකාවේ වාමාංශික ව්‍යාපාර ආරම්භ කළ නායකයන් මෙන් විවිධ රටවල අධිරාජ්‍ය විරෝධි
නායකත්ව ගොඩ නැගුණි. මෙම යුරෝපීය විශ්විවිද්‍යාල තුළින් වර්ධනය වූ ප්‍රවණතාවක ප්රතිඵලයකි.
මෙම මතවාද විශ්වවිද්‍යාලවලින් බිහි
වූ සිවිල් සේවකයන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන් ඇතුළු
විවිධ වෘත්තිකයන් තුළ පැවතුණි. යටත්විජිත පාලනයට සම්බන්ධ වූ ඉහත වෘත්තිකයන් එම
රාජ්‍යවල ඓතිහාසික උරුමය ගවේෂණය කරමින් ලොවට හෙළි කර තිබේ. අධිරාජ්‍ය අතහැර යාමට
වන බවත් යටත්විජිත තව දුරටත් පවත්වා ගත නොහැකි බවත් වර්ධනය වෙමින් පැවති මතයකි.
පෘතුගීසි සහ ලන්දේසි භාෂා පිළිබද ප්‍රවීණ ලේඛකයන් ශ්‍රී ලංකා සමාජයෙන් බිහි නොවූ
තරම් ය. මෙයට සාපේක්ෂව ඉංග්‍රීසි උගත් මධ්‍යම පංතියක් බිහි වූයේ මිෂනාරි පාසල්
පද්ධතියේ අතුරු බලපෑමක් වශයෙනි. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම ඉංග්‍රීසි සාහිත්‍ය
පරිශීලනය ක්‍රමයෙන් වර්ධනය වූ අතර යටත්විජිත පාලකයන් හා සබඳතා පැවැත්විය හැකි
උගත්හු අප සමාජයෙන් බිහි වූහ. ඒ අතර පූජ්‍ය පක්ෂය මෙන්ම සිවිල් උගතුන්ද සංඛ්‍යාත්මකව
වර්ධනය වෙමින් පැවතුණි. එම ප්‍රවණතාවල යටත්විජිත වෙත බලය පැවරීමේ අවශ්‍යතාව
මතුවෙමින් පැවතුණි. අප සංස්කෘතියට හිතකර ආකාරයට ගුවන් විදුලි මෙහෙයවීම හා සමගාමීව
දේශීය පරපුරකට බාර දීම ඇරඹුණේ මෙම පදනම තුළ ය.
අසරණ සරණ සරණංකර හිමියන්ගේ ආගමික
පුනරුදයෙන් ගොඩනැගුණ ප්‍රාචීන භාෂා දැනුම ගුවන් විදුලිය ආරම්භක අවධිය වන විට රට
තුළ පුළුල්ව පැවතුණි. මේ යටතේ වර්ධනය වූ පිරිවෙන්වල ප්‍රාචීන ප්‍රතිචීන භාෂා
පිළිබඳව ප්‍රාමාණික උගතුන් බිහි වූ අතර ජාතිකත්වය, ස්වාධීනතාව පිළිබඳව නිදහස් අරගලය
ගොඩනැගෙමින් පැවතුණි. පානදුරාවාදයෙන් පසුව ආරම්භ වූ දේශීය චින්තනයත්, අනගාරික ධර්මපාලතුමන්, වලිසිංහ හරිස්චන්ද්රතුමන්
ඇතුළු දේශීය අභිමානය අවධි කළ නායකයන්ගේ උනන්දුවත් 1900 සිට ප්‍රවර්ධනය වූ
ස්වාධීනතාව දිනා ගැනීම පිළිබඳව ලිඛිත සාහිත්‍යය බලපෑමත් ප්‍රබල සාධක ලෙස වැඩෙමින්
පැවතුණි. සිංහල බෞද්ධයා, සිංහලේ වැනි පුවත්පත්, 1912 අමද්‍යප ව්‍යාපාරයේ
ජාතිකාභිමානි මෙහෙවර පුළුල් ජන සහභාගිත්වය ගොඩනගා තිබුණි. ගුවන් විදුලිය ආරම්භ වන
අවධිය වන විට රට තුළ පැවති විවිධ වාර්ගික කණ්ඩායම් නිදහස් සටන පිළිබඳ වේදිකාවේ එකා
මෙන්ම කටයුතු කරමින් සිටියෝ ය.
කුමාරතුංග මුනිදාස ප්රමුඛ හෙළ හවුලේ
භාෂා ප්‍රබෝධයත්, කොළඹ වැඩිහිටි කවි පරපුරේ
ක්‍රියාකාරීත්වයත් ශ්‍රී ලංකා නවකතා අවධි කළ ස්වදේශීයත්වයත්, වාමාංශික ව්‍යාපාරයේ
පිබිදීමත් 1930 වන විට වර්ධනය වෙමින්
පැවති සමාජ බලවේගය. මෙම බලවේග සමග සහනශීලිව කටයුතු කිරීමේ අවශ්‍යතාව බි්රතාන්ය
පාලකයෝ තේරුම් ගත්හ. ගුවන් විදුලියේ සංස්කෘතික මෙහෙවරට මෙම සාධක ප්‍රබල බලපෑමක්
ඇති කළේ ය. දේශපාලන පෙරළිය ගොඩනැගුණේ භාෂාව පදනම් කරගත් දේශානුරාගයක් තුළය.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික පුරාවිද්‍යා
උරුමය ඓතිහාසික පරිණාමය පිළිබඳව පුළුල් පර්යේෂණ සිදු කරනු ලැබ ඇත්තේ බටහිර ජාතීන්
විසින් ය. දිවයිනේ පළාත් රැසක සේවය කළ හියු නෙවිල් ජන සංස්කෘතිය පිළිබඳව අධ්‍යයන
රැසක් කළ විද්වතෙකි. හෙතෙම එම කරුණු විවිධ අන්තර්ජාතික සඟරාවන්හි පළ කළේ ය. හියු
නෙවිල්ගේ බි්රතාන්ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ශ්‍රී ලංකාවෙන් ගෙන ගිය පුස්කොළ
සංඛ්‍යාව 2332 ක් බව එම පොත් ආශ්රයෙන්
ශ්‍රී ලංකාවේ දෙවි දේවතාවුන් සහ යක්ෂණියන් පිළිබඳ කෘතියක් පළ කර ඇති මහාචාර්ය
තිස්ස කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබේ (කාරියවසම්, 1992. සඩ). 1897 විල්හෙල්ම් ගයිගර් විසින්
ලියන ලද ‘ලංකාව’ (Ceylon) කෘතිය
විවිධ ජන කොටස් පිළිබඳ කරුණු දක්වයි. 1911දී වැද්දන් පිළිබද සවිස්තරාත්මක පර්යේෂණ ග්රන්ථයක්
සෙලිග්මාන් විසින් ඉදිරිපත් කර තිබේ. සෙලිග්මාන් යුවළගේ මෙම අධ්‍යයනය ශ්‍රී ලංකාවේ
මානව උරුමය පිළිබඳව ද කරුණු හෙළි කරයි. (Seligman and
Seligman, 1911) එච්. පී. සී. බෙල්ගේ පුරාවිද්‍යාත්මක ගවේශණ විද්‍යාත්මක
පදනමක ශ්‍රී ලංකාවේ ඓතිහාසික උරුමය අවධි කර තිබේ. සී. ඩබ්ලිව්. නිකොලස් විසින්
රචිත පුරාණ හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික භූ ලක්ෂණ ^Historical
Tomography Ancient and Medieval Ceylon කෘතිය උතුරු නැගෙනහිර
පළාතේ බෞද්ධ උරුමය පිළිබඳ දැනුවත් කර තිබේ. ලංකාවේ නටබුන් නගර පිළිබද ගවේෂණය
කරමින් හෙන්ඩි්ර ඩබ්ලිව් කේව් විසින් පළ කරන ලද ලංකාවේ නටබුන් නගර (The
Revines Cities of Ceylon) කෘතිය අන්තර්ජාතික පිළිගැනීමට ලක්
වූවකි. රීස් ඩේවිස් පඩිවරයා විසින් ලියන ලද ‘බෞද්ධ ඉතිහාසය හා සාහිත්‍යය‘(The
History and Literature of Buddhism) කෘතිය බ්‍රිතාන්‍ය පාලකයන් විසින් පරිශීලනය කරන ලද ග්රන්ථයකි.
ගයිගර් මහාවංශය ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම මගින් එම භූමියේ ඓතිහාසික උරුමය ලොවට
විවර විය. ‘අනුරාධපුර පූජනීය නගරය’ ^The
Sacred Sity of Anurdhapura) නමැති වලිසිංහ හරිස්චන්ද්රතුමන්
විසින් රචනා කරන ලද්දේ අනුරාධපුර නගරයේ පුජනීය බව විදේශිකයන්ට අවබෝධ කරලීම සඳහා ය. 1930 වන විට ලංකාවේ නටබුන් නගර
හඳුන්වා දීමේ වැඩසටහන් ලංකා ගුවන් විදුලියෙන් විකාශනය කිරීම අරඹා තිබුණි. මේ සඳහා
බලපෑ කරුණ වන්නේ අප සංස්කෘතික උරුමය පිළිබද බි්රතාන්ය ගුවන් විදුලි පාලකයන් තුළ
පැවති අවබෝධයයි. (ධර්මපාල,
2012: 24-25). එසේම
එය බී.බී.සී. ගුවන් විදුලි ප්‍රතිපත්තියට අනුගත වූවකි.
හෙන්රි පාකර් ‘පුරාතන ශ්‍රී ලංකාව’ ^Ancient
Ceylon) කෘතිය මගින් ශ්‍රී ලංකා
උරුමය පිළිබඳ තොරතුරු රැසක් හෙළි කරයි. ඒ.එම් හෝර්කාට් දළදා මැදුර පිළිබඳ ලියා ඇති
කෘතිය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති කෘතියකි. ඩී. එම්. ඩී. කොඩ්රින්ටන්, එච්. සී. පී. බෙල්, ඩෝන් ස්ටීල්, ලෙනාඩ් වුල්ෆ් ස්වකීය
පර්යේෂණ අත්දැකීම් ඉදිරිපත් කරනුයේ සමාජ පසුතලය පිළිබඳ අවබෝධයකිනි.
ඕටාකර් පර්ටෝල්ඩ් යාතු කර්ම
පිළිබඳවත් හෙන්ඩි්රක් මොන්ට් සහ හෙන්රි ලුකාස් වෙස් මුහුණු පිළිබඳවත් පෝල් වීර්ස්
කතරගම දේව විශ්වාස සහ ලෙඩ රෝග සුව කිරීමේ ශාන්තිකර්ම පිළිබඳවත් තම පර්යේෂණ කෘති පළ
කර ඇත ( රත්නපාල,
1995: 9 -17). ජනශ්රැති
අධ්‍යයනයන්හි යෙදුණු යුරෝපීය උගතුන්ගේ කාර්යය සඳහන් කරමින් මෙම කෘති, ලේඛන මැනවින් වංශ විද්‍යාත්මක
වැදගත්කමකින් යුක්ත බව මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා සඳහන් කර තිබේ ( 2005: 9). ඉංග්‍රීසි භාෂාව උගත් ශ්‍රී
ලාංකික භික්ෂූන් වහන්සේ මෙන්ම උගතුන්ගේ පර්යේෂණ යටත්විජිත පාලකයන් තුළ අවබෝධය අවදි
කළේ ය. හික්කඩුවේ සුමංගල හිමි සහ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමි උදාහරණ සේ දැක්විය
හැකි ය. ආනන්ද කේ. කුමාරස්වාමි විසින් සම්පාදනය කරන ලද ‘මධ්‍යකාලීන සිංහල කලා’ ^Medieval
Sinhalees Art& සිංහල
ජන සමාජය පිළිබඳ පුළුල් අවබෝධයක් ජනනය කර තිබේ. සිංහලයන් ලාංකික වැසියන් වන අතර
ලංකාවේ සියල්ලෝ සිංහල නොවන බව ද හෙතෙම සඳහන් කරයි (Coomaraswamy,
1908:1).
බහුජාතික සංස්කෘතික එළඹුමකින්
වැඩසටහන් ඉදිරිපත් කිරීමට යටත්විජිත ගුවන් විදුලියට මෙම උගතුන්ගේ අධ්‍යයන බලපෑමක්
විය. ශ්‍රී ලංකාවේ උගත් සමාජය, මධ්‍යම පන්තිය මෙන්ම ඉහළ
ධනපති පන්තියේ සාමාජිකයන් බ්‍රිතාන්‍යයෝ හා සුහද සබඳතා පැවත්වූහ. පැවති සබඳතා
මගින් ලන්දේසි, පෘතුගීසි ජාතීන්ට වඩා 1922 වන විට ශ්‍රී ලාංකේය බි්රතාන්ය
පාලකයන් තුළ වර්ධනය වෙමින් පැවතුණි. සාක්ෂරතාව පැතිර යාම, මුද්‍රණ ශිල්පය ක්‍රමිකව වර්ධනය
වෙමින් පැවතීම, පළමු ලෝක යුද්ධයෙන් පසුව
වර්ධනය වෙමින් ආ අන්තර්ජාතික සම්බන්ධතා මේ
කෙරෙහි බලපෑවේ ය. මේ සියලුම කරුණු ක්‍රියාවට පත්වීම කෙරෙහි බි්රතාන්ය ගුවන්
විදුලි සංකල්පය ප්‍රබල බලපෑමක් විය.
බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය, පොදු සේවා ගුවන් විදුලි
සංකල්පය යටතේ ක්‍රියාත්මක වූ අතර ඇමරිකාවේ එය ක්‍රියාත්මක වූයේ වාණිජ පරමාර්ථ සමඟ
ය. ලාභ ලබා ගැනීමේ අරමුණෙන් ගුවන් විදුලි මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ තරගය 1930 වන විට ඇමරිකවේ ගුවන්
විදුලි සංඛ්‍යාත පිළිබඳ අර්බුදයක් නිර්මාණය කළේ ය. බි්රතාන්යයන් ස්වකීය යටත්විජිත
සඳහා යොදා ගත්තේ පොදු සේවා ගුවන් විදුලි සංකල්පයයි. යටත්විජිත පාලකයන්ට ගුවන්
විදුලිය ලාභ උපයන ආයතනයක් නොවී ය. එසේ ම වර්තමානය මෙන් තම පැවැත්ම සඳහා තමා විසින්
ම මුදල් උපයන ආයතනයක් ද නොවී ය. ගුවන් විදුලිය රජයේ දෙපාර්මේන්තුවක් ලෙස රාජ්‍ය
මුදලින් පවත්වනු ලැබුයේ පුහුණු පරිපාලකයන් විසිනි. එය බී.බී.සී. ආයතනය විසින් රාජ්‍ය
ඒකාධිකාරයෙන් වියුක්ත ස්වාධීන පාලනයක් ලංකා ගුවන් විදුලියට ඇති කොට නැත. විවිධ
ජාතීන්ට අවශ්‍ය සංස්කෘතික මෙහෙවර සිදු කර ඇති අතර එම හඬ පටි සුරක්ෂිත කර ගනිමින්
වැඩසටහන් පෝෂණය කිරීමට කටයුතු කර තිබේ. මෙහි මූලික පදනම පොදු සේවා ගුවන් විදුලි
සංකල්පයයි. (Public Service Broadcasting Concept). එම සංකල්පය 1920 දශකයේ මහා බ්‍රිතාන්‍යයේ
උපත ලැබූවකි. එය ජනිත වූයේත් වර්ධනය වූයේත් ගුවන් විදුලි මාධ්‍ය ඇසුරෙනි. 1927 රාජකීය ප්රඥ්ඥප්තිය
මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් විය. පොදු සේවා ගුවන් විදුලි සංකල්පය සමකාලීන සමාජ
ප්රවණතාවන්ට අනුගත වෙමින් වර්තමානය දක්වාම ක්‍රියාත්මක කිරීමට බී.බී.සී. ආයතනය
සමත් වී තිබේ. අපට වැදගත් වන්නේ මෙම සංකල්පීය පදනම තුළ විවිධ ජනකොටස්වලට අයත්
සංස්කෘතීන් ප්‍රවර්ධනයට ගුවන් විදුලිය විසින් සිදු කරන ලද මෙහෙවරයි. බ්‍රිතාන්‍ය
ගුවන් විදුලියේ පුරෝගාමීන් පොදු සේවා ගුවන් විදුලි සංකල්පය යටතේ ස්වයං පාලන අයිතිය
පවත්වා ගැනීමේ අවශ්‍යතාව අවබෝධ කර ගෙන තිබේ (Gerber,
2002: 12). බී.බී.සී. ආයතනයේ ප්‍රථම අධ්යක්ෂ ජනරාල්වරයා වූ ජෝන්
රීත් විනෝදාස්වාදය, අධ්‍යාපනය හා තොරතුරු
සම්පාදනය යන ශුද්ධ ත්‍රිත්ව කරුණු මත ගුවන් විදුලිය ප්රජාතන්ත්රවාදි සමාජයක්
පැවැත්මේ විචාරකයෙකු ලෙස කටයුතු කළ යුතු බව සඳහන් කර තිබේ ^Scannell
and Cardiff, 1987: 159). මෙම පදනම ක්‍රියාත්මක
කිරීම සඳහා පූර්ණ දේශපාලනික සහ වාණිජ පාලනයකින් තොර ස්වයංපෝෂණ පාලනයක් පවත්වා
ගැනීමට බී.බී.සී. ආයතනය කටයුතු කර තිබේ. විවිධ සුළු ජාතික ජන කණ්ඩායම්වලට අයත්
සංස්කෘතින් කෙරෙහි ද අවධානය යොමු කරමින් ඒවා ප්‍රවර්ධනය කර ඇත්තේ මෙම පුළුල් පදනම
යටතේ ය.
බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ පර්යේෂණ
අංශය සඳහන් කරන ආකාරයට විශ්වීය පොදු ලක්ෂණ හා උපයෝගිතාව කෙරෙහි ප්රමුඛ අවධානය
යොමු කරයි. එය ග්රාහක අවශ්‍යතා මත සිදු වන්නනකි. සුළු ජාතික ජන කොටස් කෙරෙහි
අවධානය යොමු වූ අතර, පොදු ජන අධ්‍යාපනය කෙරෙහි
ඉඩප්‍රස්තාව ලබා දීම පුළුල් පරාසයක් කරා පැතිර යන්නකි. මෙවැනි වැඩසටහන් කෙරෙහි
පවතින උනන්දුව නංවාලීම අරමුණකි. වැඩසටහන්වල ඉහළ ගුණාත්මකබවක් ඇති කිරීමේ
තරගකාරීත්වයක් නිර්මාණය කිරීම අපේක්ෂිතය. මහජන කක්ෂය බලාත්මක කිරීම පොදු සේවා
ගුවන් විදුලියේ අරමුණකි (Burnes,2010).
ප්‍රාදේශීය
සේවා
අධ්‍යාපනය ප්‍රචලිත කිරීම කෙරෙහි
යටත්විජිත ගුවන් විදුලිය ක්‍රියාත්මක වී ඇත්තේ මෙම සංකල්පීය පදනම මත ය. ගුණාත්මක
වැඩසටහන් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ නිලධාරීන් පුහුණු කිරීම බි්රතාන්ය
විසින් සිදු කර තිබේ. ප්රවෘත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ ශෛලිය, විශ්වසනීයත්වය වර්ධනය වන
ආකාරයට සිදු කරනු ලැබී ය. පොදු සේවා ගුවන් විදුලිය ප්‍රජා, ප්‍රාදේශීය කලාප සහ ජාතික වශයෙන්
සේවා සලසයි. පසුකාලීනව ප්‍රජා හා ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා බිහි වී ඇත්තේ මෙහි
ප්‍රතිඵලයක් වශයෙනි.
ශ්‍රී ලාංකේය ප්‍රජා හා ප්‍රාදේශීය
ගුවන් විදුලි මධ්‍යස්ථාන විසින් ඉටු කර ඇති පුළුල් කාර්යභාර්යෙහි සංස්කෘතික මෙහෙවර
අධ්‍යයනය කිරීම සුවිශේෂී කාර්යයකි. ඒ පිළිබද සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණ
නොවුවත් සංස්කෘතික ප්‍රවර්ධනය සඳහා මෙම ගුවන් විදුලි ආයතන ඉටු කර ඇති මාහැඟි
කාර්යභාරය වෙසෙසින් අගය කළ යුතු ය. රජරට සේවය, රුහුණු සේවය, මහනුවර සේවය, තෙන්ඩ්රල් ද්‍රවිඩ සේවාව දැනට වසා
දමා ඇති මහඉලුක්පල්ලම, කොත්මලේ ගුවන් විදුලි
මෙන්ම විවිධ අපහසුතා මධ්‍යයේ ක්‍රියාත්මක වන ගිරාඳුරුකෝට්ටේ (දඹාන ප්‍රජා ගුවන්
විදුලිය) ඌව ප්‍රජා ගුවන් විදුලිය, වයඹ ප්‍රජා ගුවන් විදුලියේ මෙහෙවර ඇගයීමට ලක් විය යුතු
ය. ගුවන් විදුලි රාජ්‍ය සම්මානවලදී විශිෂ්ට වැඩසටහන් ඉදිරිපත් කිරීමට ප්‍රාදේශීය
සහ ප්‍රජා ගුවන් විදුලි සේවා දක්වා ඇති කුසලතා ප්රමුඛ එළඹුම ජාතික සම්භාවනාවට
පත්ව තිබේ. පසුකාලීන සංවර්ධන අවශ්‍යතා නිසා බිහි වුව ද මෙම ආයතනවල ක්‍රියාත්මක
වූයේ පොදු සේවා ගුවන් විදුලි සංකල්පයයි.
කිතුනු
වැඩසටහන්
ගුවන් විදුලි මෙහෙවර මගින් ප්‍රජාව
දැනුවත් කිරීමෙන් ඔබ්බට ගොස් ඔවුන් බලාත්මක කිරීමත් සුභ සාධන මෙහෙවර ක්‍රියාත්මක
කිරීමත් විශේෂිත ජන කණ්ඩායම්වල ජාතික අවශ්‍යතා ඉටු කිරීමත් මගින් පොදු සේවා ගුවන්
විදුලි සංකල්පයෙන් අදහස් කෙරෙනුයේ ජනතා උනන්දුව බලාත්මක කිරීම ය. ඔවුන්ගේ සුභ
සාධනය බලාත්මක කිරීමට, පොදු සේවා ගුවන් විදුලිය
පොදු ජනතාවට වග කියනු ලබන අතර, වාණිජ හෝ දේශපාලන අවශ්‍යතා
වෙනුවෙන් පෙනී නොසිටී. මහජන මුදලින් නඩත්තු වන අතර වාණිජ අරමුණු සාධනය නොකරයි (Elcco,2011:
85-86)' යටත්විජිත ගුවන් විදුලිය
මෙම සංකල්පීය පදනම තුළ ක්‍රියාත්මක වූ බැවින් සියලු ආගමික ජන කණ්ඩායම්වල අවශ්‍යතා
මෙන්ම සංස්කෘතික ප්රගමනය සඳහා සක්‍රීය දායකත්වයක් සපයා තිබේ. 1928 පැලෑණේ වජිරඥාන හිමියෝ
මුල්ම ධර්ම දේශනය පැවැත්වූහ. එසේ ම වෙනත් ආගමික වැඩසටහන් සඳහා ද අවස්ථාව උදා විය.
ඉතා පුළුල් ලෙස බෞද්ධ වැඩ සටහන් ඉදිරිපත් කිරීම ක්‍රමිකව වර්ධනය විය. පැයක ධර්ම
දේශනා ඉදිරිපත් කිරිම ගුවන් විදුලිය විසින් නිර්මාණය කරන ලද්දකි.
මුල්ම ආගමික වැඩසටහන ලෙස ප්‍රචාරය
වුයේ කිතුණු වැඩසටහනකි. 1926 අගෝස්තු 08 වැනි දින එය ප්‍රචාරය
වූයේ කොළඹ ගාලු මුවදොර ක්‍රිස්තු දේවස්ථානයේ සිට ය. 1927 දෙසැම්බර් 24 වැනිදා නත්තල් දේව මෙහෙය, ශාන්ත මයිකල් දේවස්ථානයේ
සිට විසුරුවා හැර තිබේ. 1927 වන විට කිතුණු බැති ගී
ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කර තිබේ. මෙහි මුල් ගායනා ඉදිරිපත් කර ඇත්තේ
මොහිදින් බෙග් සහ ජෙනට් ද සිල්වා විසිනි. 1932 වන විට කතෝලික සභාව සහ ක්‍රිස්තියානි
මණ්ඩලයේ නියෝජිතයන්ගෙන් කිතුණු වැඩසටහන් උපදේශක මණ්ඩලයක් පත්කර තිබේ. කිතුණු
විමසුම, සිත යෝගය, (ධර්ම සභාව), දේවස්ථානවල
වැඩසටහන් අඛණ්ඩව ප්‍රචාරය කර ඇති ජුබ්ලි මංගල්‍ය විකාශනය කර තිබේ. අතිඋතුම් එඩ්මන්
පීරිස් මෝෂිස් පෙරේරා, මර්සලීන් ජයකොඩි හිමිපාණන්
ඇතුළු නිර්මාණශිලි පූජක පරපුරක් ඒ ඒ දේවස්ථාන උත්සව, නත්තල් සඳහා නිර්මාණය කරන ලද ගීත
ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කර ඇති අතර, නව කිතුණු ගී ආරක් නිර්මාණය කිරීමට
ගුවන් විදුලිය සමත් වී තිබේ ( whsjka" 2017:161-164
).
ඉස්ලාම්
වැඩ සටහන්
එස්. එම්. සලාහුදීන් මහතා ශුද්ධ
කුරානය පිළිබඳ සතිපතා විනාඩි 15ක ගුවන් විදුලි කතාවක්
පවත්වා ඇති අතර,
1939 මාර්තු 12වන දින ඞෂඪ ජෝන් පියුස්
පාප් වහන්සේගේ අභිෂේක මංගල්‍යය වතිකානුවේ සිට ජෝන් ක්වීන්ස්ටන් පියතුමා විසින්
ඉදිරිපත් කර ඇත්තේ එසැණ ප්‍රචාරයක් ලෙසිනි. එය විදේශයක සිට කරන ලද ප්‍රථම එසැණ
විස්තර ප්‍රචාරයයි. එම වර්ෂයේ නොවැම්බර් 23 දා රුවන්වැලි මහා සෑයේ කොත් වහන්සේ
පැළදවීමේ එසැණ ගුවන් විදුලි ප්‍රචාරය ඉදිරිපත් කර ඇත්තේ මහාචාර්ය ගුණපාල මලලසේකර
සහ ලීලානන්ද කල්දේරා මහතා ය. සියලු ආගම් මෙන්ම සංස්කෘතික කටයුතු කෙරෙහි අවස්ථව ලබා
දීම මෙන්ම සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමට කටයුතු කර ඇති ආකාරය මේ අනුව පැහැදිලි ය.
කරුණාරත්න අබේසේකර මහතා වැනි ප්‍රවීණ
නිවේදකයෙකු මහාචාර්ය මලලසේකර මහතාගේ නිවේදන ඇසුරෙන් කුසලතා අවදි කරගත් බව සඳහන් ය.
මෙයින් පැහැදිලි වන්නේ විවිධ ආගමික - ජාතික - සංස්කෘතික උත්සව ඉදිරිපත් කිරීම
පිළිබඳ නිවේදන කාර්යයයේ සංස්කෘතික එළඹුම පිළිබඳ මූලධර්ම යටත්විජිත ගුවන් විදුලි
තුළින් ගොඩනැගී ඇති බවයි. එදවස ජන අවධානයට ලක්ව තිබූ කොළඹ කවිය ප්‍රචලිත කිරීම
සඳහා ද ගුවන් විදුලි සංස්කෘතික මෙහෙවරට දායක වී තිබේ. අධිනීතිඥ යූ. ඒ. එස් පෙරේරා
කවියා (සිරි අයියා) මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය කවියෙන් ඉදිරිපත් කර වාර්තාවක් තබා
තිබේ (ධර්මපාල,
2012: 27) .
සිරි
අයියාගේ ළමා පිටිය
යූ. ඒ. එස්. පෙරේරා මහතා විසින්
මෙහෙයවනු ලැබූ ගුවන් විදුලි ළමා පිටිය සාහිත්‍ය සංස්කෘතික ප්‍රවර්ධනයට හේතු විය.
ගුවන් විදුලි සංස්කෘතික මෙහෙවර හා පරිපාලන කාර්යය බලවත් කළ පුද්ගලයන් රැසක් රටට
දායක කරන්නේ යටත් විජිත සමයේ ආරම්භ කරන ලද මෙම වැඩසටහනෙනි. කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, මඩවල එස්. රත්නායක, හේන්රි ජයස්න, තලංගම ප්‍රේමදාස, උපුල් රංජිත් විජේරත්න, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, රිජ්වේ තිලකරත්න, ලලිත් එස්. මෛත්‍රීපාල, ඩෝල්ටන් අල්විස්, දොස්තර හඩ්සන් සිල්වා ඒ
අතරින් කීප දෙනෙකි.
1941 මැයි 16 වැනි දින නිකුත් කරන ලද
කන්දයියා වෛද්‍යනාදන් ගුවන් විදුලි කොමිසමේ නිර්දේශ අතර සංස්කෘතික මෙහෙවර බලාත්මක
කරන යෝජනා ඇතුළත් ය. එවැනි යෝජනා ඉදිරිපත් කිරීමට බලපෑ පසුබිම අවබෝධ කර ගැනීම අවශ්‍ය
වන්නකි. ගුවන් විදුලි ආරම්භයේ මුල් දශකය තුළ ප්‍රමුඛතාව ලැබුණේ ඉංග්‍රිසි අසන්නන්
වෙනුවෙනි. උදාහරණයක් ලෙස ආර්. ඇන්ඩර්සන් ප්‍රථම ඉංග්‍රීසි නිවේදකයා ලෙස පත්වෙන්නේ, 1927 ඔක්තෝබර් 18 වැනිදාය. 1934 ඔක්තෝබර් 01 වැනිදා ඩී.වයි.ඩී රෑන්කිං
සහ අයි.බී.කීට්සර් පත් වේ. සිංහල නිවේදකයා ලෙස ඩී.එම්. කොළඹගේ මහතා පත්වන්නේ 1937 ජනවාරි 01 වැනිදා ය. 1930 දශකයේ මුල් අවදිය වන විට
ගුවන් කාලයෙන් 90% වෙන්කර තිබුණේ ඉංග්‍රීසි
වැඩසටහන් වෙනුවෙනි. සිංහල, දෙමළ, හින්දුස්ථානි වැඩසටහන්
සඳහා වෙන් වුයේ 10% ගුවන් කාලයකි. (Abayasekara,1963:34
)' මේ
වන විට ගුවන් විදුලි බලපත් සංඛ්‍යාව 2250 ක් වූ අතර එය වර්ධනය වූයේ මන්දගාමීවයි.
සී.එල්.ජී. ගුණවර්ධන මහතා සඳහන් කරන ආකාරයට
ගුවන් විදුලි උපදේශක සභාව සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විතය. 1932 නොවැම්බර් මස රැස්වූ මෙම
උපදේශක සභාවේසාමාජිකයින් 10 දෙනෙකුගෙන් 7 දෙනෙකුනබ්රිතාන්ය ජාතිකයන්ය. 1935 මැයි 06 වැනි දිනට යෙදී තිබු බ්‍රිතාන්‍ය පස්වැනි ජෝර්ජ් රජතුමාගේ
රිදී ජුබිලිය සැමරීමට දෙදිනක සියලු වැඩසටහන් අවලංගු කර තිබුණි. විකාශනය වූයේ බි්රතාන්යයේ
සිට ඉදිරිපත් වූ වැඩසටහන් පමණකි ( Gunawardana, 1990 : 18).මෙම කරුණු පමණක් හුදෙකලා කොට
දැකීමෙන් ‘බි්රතාන්ය අධිරාජ්‍යවාදී ලක්ෂණ අප සංස්කෘතිය නොසලකා කටයුතු කරන ආකාරය
දැකිය හැකිය’ යන මතයක් සමහරු උගතුන් අතර පවතී.
1936 අප්‍රේල් 06 දින තැපැල්පති ජේ.ආර්.
වෝල්ටර්ස් එවකට ගුවන් විදුලිය භාරව සිටි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මහා මාර්ග සහ ප්‍රසිද්ධ
වැඩ කාරක සභාවේ (ඇමති) ජේ.එල්.කොතලාවල මහතාට ලිපියක් ලියමින් දන්වා ඇත්තේ, තම මවුබසින් ප්‍රචාරය
නොවන නිසා බි්රතාන්ය ගුවන් විදුලි වැඩසටහන් කෙරෙහි ස්වදේශිකයන් කැමැත්තක්
නොදක්වන බවකි. (නානායක්කාර,
2012 : 19 ). වෛද්‍යනාදන්
කොමිසම කොතලාවල මහතා පත්කරන්නේ මෙවැනි පසුබිමක ය. 1938 වන විට ගුවන් විදුලි
යන්ත්‍ර බලපත් 5679 ක් පැවති අතර ඉල්ලා සිටි
සියලුම බලපත්‍රධාරීන් වෙත වැඩසටහන් විස්තර තැපැල් කර යැවීමට 1939 සිට කටයුතු යොදා තිබුණි.
දේවාර් සුරියසේන මහතා එම වර්ෂයේ ජන සංගීත වැඩසටහනක් පටිගත කළ බව වාර්තා වේ. එසේ ම
සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ
හින්දුස්ථානි ගායික ගායිකාව තෝරාගෙන තිබුණේ පරීක්ෂණයක් මගිනි. 1936 දෙවැනි රාජ මන්ත්‍රණ සභාව
පත් වී තිබුණි.
එහි කාරක
සභා හතක් පැවති අතර එම සභාපතිවරුන් (ඇමතිවරුන්) හත් දෙනා ම ස්වදේශිකයෝ ය.
ජන
සංගීත වැඩ සටහන්
ගුවන් විදුලි ඉතිහාසය සමකාලින ප්රවණතා
ඇසුරින් විමසීම අවබෝධ කරගත හැකි කරුණ වන්නේ දේශීය සංස්කෘතික ප්‍රවර්ධනය කෙරෙහි බි්රතාන්යයන්
තුළ විරෝධයක් නොතිබූ බවයි. වෛද්‍යනාදන් කොමිසමේ වාර්තා, යෝජනා, රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් අනුමත
කිරීම තුළින් එය පැහැදිලි ය. කොමිසමේ නිර්දේශ අතර, ප්රගතිගාමී ප්‍රතිපත්තියක් ඇති කළ
යුතුයි’ යන්නෙන් අදහස් කර ඇත්තේ ශ්‍රී ලංකා සංස්කෘත නැඹුරුව බලවත් කිරීමකි. එම
වැඩසටහන් සඳහා වෙන්කළ යුතු මුදල් ප්‍රමාණ වැඩිකළ යුතුය යන්න කොමිසමේ නිර්දේශයයි.
මේ වන විට සිංහල, දෙමළ, හින්දුස්ථානි වැඩසටහන්
නිර්මාණය පිළිබඳ ප්‍රබල උනන්දුවක් විය. දේශීය ජන සංගීත වැඩසටහන් කෙරෙහි අවධානය
ලක්වෙමින් පැවතුණි. වැඩසටහන් සඳහා වැඩිපුර මුදල් වෙන් කිරීම මෙම සංස්කෘතික
වැඩසටහන් ප්‍රවර්ධනයට හේතු වූවකි. කොමිසමේ යෝජනාවක් වූ ට්‍රාන්ස්මීටර් බලාත්මක
කිරීම ශ්‍රවණ කලාපය පුළුල් කිරීමට හේතු වූවකි. එමගින් රට තුළ පුළුල් ග්රාහක
පිරිසකට ආමන්ත්‍රණය කිරීමට අවස්ථාව උදාවිය. මෙම යෝජනාව ගැමි සංස්කෘතික අංග වර්ධනයට
කුසලතා ප්‍රවර්ධනය, ශ්‍රවණ ග්රාහක සංඛ්‍යාව
වැඩි කිරීමට හේතු වූවකි. ප්‍රජා ශ්‍රවණ මධ්‍යස්ථාන ඇති කිරීමට යෝජනා කර ඇත්තේ
ගුවන් විදුලි යන්ත්‍ර මිලදී ගැනීමට ජනයාට ක්‍රය ශක්තිය නොවුණු බැවිනි. ශ්‍රාවක
අවකාශ පෘථුල කිරීම සංස්කෘතික ප්‍රවර්ධනයට හේතු වූවකි.
1950 වන විට ගුවන් විදුලියේ ප්‍රධානියා
ලෙස කටයුතු කළේ ජෝන් ලැප්සන් මහතාය. වැඩසටහන්වල ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා
සිංහල, දෙමළ, බටහිර පාසල්, ග්‍රාමීය, බෞද්ධ, හින්දු ක්‍රිස්තියානි, මුස්ලිම් හා පොදු උපදේශන
කමිටු දහයක් පත්කර තිබේ. මෙම කමිටු සෑම මසකම රැස් වී වැඩසටහන් ප්‍රගතිය පිළිබඳ
සාකච්ඡා කළ අතර සෑම දෙමසකට වරක් කමිටු සභාපතිවරුන් අධ්‍යක්ෂක ජනරාල්වරායා සහ
සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි. ලැප්සන් මහතා බි්රතාන්ය ගුවන් විදුලිය නියෝජනය
කල අතර, කමිටු පත්කිරීම පිළිබඳ
ඔහුගේ යෝජනා නිදහස් ශ්‍රී ලංකාවේ රජය විසින් පිළිගෙන තිබුණි. මෙය අන්තර් සහයෝගය
පිළිබඳ උදාහරණයකි. ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨයන් පුහුණු කරනු ලැබුවේ ද
බි්රතාන්ය ගුවන් විදුලිය මගිනි. මෙම ප්‍රවීණයෝ ස්වකීය අන්තර් ජාතික පුහුණුව
දේශීය සංස්කෘතික ප්‍රවර්ධනයට උපයෝගී කර ගත්හ. ප්රවිණ මාධ්‍යවේදීන් වූ තේවිස්
ගුරුගේ එච්.එම්. ගුණසේකර, තිලක සුදර්මන් ද සිල්වා
උදාහරණ ලෙස දැක්විය හැකි ය.
ගුවන් විදුලිය සාහිත්‍ය මෙහෙවරක්
ඉටුකරන බව අර්ථ දැක්විය හැකි ය, ලිඛිත සාහිත්‍ය කරුණු
මිනිස් හඬ සංගීතය බාහිර ශබ්ද සහිත ගුවන් විදුලි භාෂාවට පරිවර්තනය කරයි, විශ්වයේ ඇති සමස්ත ශබ්ද
ගුවන් විදුලි භාෂාවේ කොටසක් වන බැවින් පිටපතක් ඇතිව හෝ නැතිව වැඩසටහනක් නිෂ්පාදනය
යනු ශබ්ද සංකලනයකි. ගුවන් විදුලියේ සාහිත්‍ය මෙහෙවර පුළුල් තලයක හඳුනාගත යුතුය.
ගුවන් විදුලි ගීතයක් නාට්‍යයක් ශබ්ද සාහිත්‍යයට ඇතුළත් කරනු ලැබූවකි. ගුවන්
විදුලියේ සාහිත්‍ය මෙහෙවර විමසීමේදී ලිඛිත සාහිත්‍යය කාර්යය විමර්ශනයට භාජනය කළ
හැකිය. ගුවන් විදුලිය පිළිබඳ ලිඛිත සාහිත්‍යය ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ හඳුනාගත
හැකි ය. ගුවන් විදුලි සගරා, ගුවන් විදුලි වැඩසටහන්, ආශ්රිත ප්‍රකාශන ගුවන්
විදුලි පර්යේෂණ කෘති පරිවර්තන පුවත්පත් ලිපි podcasting සාහිත්‍යය යටතේ වර්ගීකරණය
කළ හැකි ය. ගුවන් විදුලි සඟරා සංඛාවෙන් අටකි. ප්‍රථම ගුවන් විදුලි සගරාව 1939 දී ඇරඹි Radio
News කුඩා
බුලටීනයයි. එහි අන්තර්ගත කර ඇත්තේ ගුවන් විදුලි ඉංජිනේරු කාර්යය නව අත්හදාබැලීම්
පිළිබඳ තොරතුරු ය. (හපුආරච්චි,
2014:97-110). එය
පළ වූයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණි. 1941 ප්‍රකාශයට පත් Radio
Times ඉංග්‍රීසි
භාෂාවෙන් ප්‍රකාශයට පත්වූවකි. දෙසතියක වැඩ සටහන් විස්තර එහි පළ විය. රේඩියෝ සගරාව 1945 සිංහල භාෂාවට මුල්තැන
දෙමින් භාෂාත්‍රයෙන් පළ විය. දෙසතියක වැඩ සටහන් හා තොරතුරු එහි ඇතුළත් විය.
1953 ගුවන්
විදුලි සඟරාව
ගුවන් විදුලි සගරාව සිංහල භාෂාවෙන්
පළවු මුල්ම සගරාවයි. දෙසතියක ඉංග්‍රීසි දෙමළ වැඩ සටහන් විස්තරයක්ද ඊට ඇතුළත් විය.
ආරාධිත ලිපි ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ තෝරාගත් නාට්‍ය විචිත්රාංග කවි රචනා
ආදිය එහි පළ විය. තරංගනී සඟරාව බිහිවන්නේ 1953 අප්‍රේල් මාසයේ ය. එය
ඩයිජස් ප්‍රමාණයේ සඟරාවකි. වැඩසටහන් පිටපත් විශේෂ ලිපි පළවිය. වැඩ සටහන් විස්තර
වෙන වෙනම පළවූයේ නැත. විවිධ කලාකරුවන් ගුවන් විදුලි ශිල්පීන් පිළිබඳ තොරතුරු
ඇතුළත් වූ මෙය සාහිත්‍ය වටිනාකමකින් යුක්ත වූවකි. සුගතපාල ද සිල්වා සහ පාලිත
පෙරේරා සංස්කරණයට එක් වූ අතර කරුණාරත්න වීරමන්, චිත්‍රානන්ද අබේසේකර, සරත් විමලවීර, ලලිත් එස්. මෛත්‍රීපාල, සී ද එස්. කුලතිලක, සුජාතා ගුණවර්ධන, නෙල්සන් ජයවීර, දයාරත්න රණතුංග, ශාන්ති දිසානායක, අමල් රණේපුර සහ මල්ලිකා
සමිතදාස සංස්කරණයට දායක වී ඇත. ශ්‍රීපාලි වයමන්, මහින්ද අල්ගම, සමන් ආතාවුදහෙට්ටි
සංස්කරණයට දායක වූයෝ ය.
‘ශ්රව්යවාහිනි’ 1993 අගෝස්තු මස නිකුත් වූ
සාහිත්‍යමය වටිනාකමකින් යුත් ගුවන් විදුලි සඟරාවකි. නෙල්සන් ජයවීරගේ සංස්කරණයෙන් සුමනා
ජයතිලක, විමල් පිටිගල, දේවිකා සෙනෙවිරත්න, සරත් විමලසිරි, නන්දසේන ලියනපටබැදි, සෝමා රුද්‍රිගු, කේ. ප්‍රැන්සිස් එහි
සංස්කාරකවරුන් ලෙස කටයුතු කර තිබේ. ‘තරංග‘ සඟරාව නිකුත් වන්නේ සුනිල් සරත් පෙරේරා
ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවස්ථාවේය. හරවත් ලිපිවලින්
සමන්විත සාහිත්‍යමය අගයකින් යුත් මෙම සගරාව ප්‍රකාශයට පත් වී ඇත්තේ එක්වරක් පමණි.
‘හඬ’ සඟරාව ආරම්භ වන්නේ හඩ්සන් සමරසිංහ මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ
සභාපතිවරයා වශයෙන් කටයුතු කළ 2009 වර්ෂයේදී ය. ජ්‍යෙෂ්ඨ
පුවත්පත් කලාවේදී පුවත්පත් කතුවරයෙකු වූ තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා මෙහි
සංස්කාරකවරයා ය. අද දක්වා සක්‍රීයව පවතින මෙම සඟරාව ඉතා ඉහළ සාහිත්‍ය අගයකින්
යුක්ත ගුවන් විදුලිය පිළිබඳ ඓතිහාසික තොරතුරු නිර්මාණශීලි ප්‍රවීණ මාධ්‍යවේදීන්
පිළිබඳ විස්තර විවිධ විෂය ක්ෂේත්‍ර පිළිබඳ කරුණු මැනවින් ඉදිරිපත් කරන සඟරාවකි. 2009 දී ආරම්භ වන සගරාවට
පණිවිඩයක් ලියන සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ ප්රකාශනයේ අන්තර්ගතව ඇත්තේ පොදු
සේවා ගුවන් විදුලි සංකල්පය හා වාණිජවාදී බලපෑම පිළිබඳ විග්රහයකි.
‘සෞන්දර්යය, භාෂාව, සංස්කෘතිය, නවීන විද්‍යාව, දේශපාලනය මෙන් ම විශ්ව
දැනුම ද අපගේ ශ්‍රාවක සමූහයා වෙත යොමු කිරීමේ හැකියාව හඬ තුළින් අපේක්ෂා කරමින්
ආර්ථික ප්රතිලාභ පමණක් හඹා යමින් සියලු සාරධර්ම ඒ වෙනුවෙන් බිලිදෙමින් සිය ඇඳිවත
ගැනවත් නොතකා හැල්මේ දුවන ගුවන් විදුලි ප්‍රවාහයක් මැද සිංහ ස්‍යෙයාවෙන් තවමත්
නැගී සිටින ශ්‍රී ලංකා ගුවන් විදුලිය සිය ස්වරය විශ්වය පුරා පතුරුවන හඬ සර්වකාලීන
ජය හඬක් වනවා නිසැකය (සමරසිංහ,
2009).
ගුවන් විදුලි මාධ්‍යවේදීන් විසින් පළ
කරන ලද කෘති රාශියකි. සුනන්ද මහේන්ද්‍ර ‘ගුවනින් නුවණට (2009), ශබ්ද මාධ්‍යය සහ ශ්‍රී
ලංකාවේ ගුවන් විදුලිය (1975), ගුවන් විදුලි නාට්‍ය හතක්
(1982) ඇතුළු කෘති රාශියක් පළකර
තිබේ. කොලින් ජයවීර ‘ප්‍රජා ගුවන් විදුලිය (2013) නමින් කෘතියක් පළකරයි. ‘ගුවන් විදුලි
සන්නිවේදන’ (1990) කෘතිය නෙල්සන් ජයවීරගේ ය.
ප්‍රදීප් වීරසිංහ ‘ප්‍රජා ගුවන් විදුලිය’ (2012) කෘතිය ද විද්‍යුත් මාර්ගෝපදේශ විග්‍රහය’
(2007) සුනිල් සරත් පෙරේරා ද
රචනා කරයි. චන්දන තිලකරත්න ‘කතාවෙන් දිනන මග (2013) හා සුමනා ජයතිලක ප්‍රවීණ මාධ්‍යවේදිනිය
පිළිබඳ හඳ නැන්දා (2016) දී පළ කරයි. තමන්ගේ
වේදිකා නාට්‍ය, ගුවන් විදුලි නාට්‍ය
වශයෙන් ප්‍රචාරය කළ මහාචාර්ය සරච්චන්ද්‍ර රේඩියෝ නාට්‍ය කෘතියක් ද තිස්ස කාරියවසම්
මහතා ‘ගුවන් විදුලි නාට්‍ය පහක් පිළිබඳ කෘතියක් ද පළකර තිබේ. ගුවන් විදුලි
සභාපතිවරයෙකු වශයෙන් කටයුතු කළ ආචර්ය නන්දන කරුණානායක මහතා ‘60 වසරක ගුවන් විදුලිය’ Radio
Broadcasting in Sri Lanka කෘති
මගින් ගුවන් විදුලි ඉතිහාසය සංක්ෂිප්තව ඉදිරිපත් කරයි. ගුවන් විදුලිය හා සන්නිවේදන
අරමුණු (2017) ඒරානන්ද හෙට්ටිආරච්චි
මහතාගේ කෘතියකි. ගුවන් විදුලි ඉතිහාසය ’භාවිතය සහ සන්නිවේදනය පිළිබඳ එය හරවත්
විමසුමකි.
ගුවන්
විදුලි විරිදු වැඩ සටහන්
ගුවන් විදුලියේ මුල් අවදියේ විරිදු
ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ ආනන්ද කවිරත්න විසිනි. තමා ඉදිරිපත් කළ විරිදු වැඩ සටහන්
අතුරින් ‘ගුවන් විදුලි විරිදු’ (1950) ප්‍රකාශයට පත්කර ඇත්තේ
ගාල්ලේ ජී. එම් පියදාස කවියා විසිනි. පද්‍යාවලිය වැඩසටහන ඇසුරින් ගුවන් විදුලි කවි
(2002) රචනා කර ඇත්තේ ගාල්ලේ
පියදාස කවියා ය. ආනන්ද සිරිසේන නාට්‍ය අටක් ‘වැස්ස පායා ඇත’ (2007) කෘතියෙන් ඉදිරිපත් කර ඇත.
මාලක දේවප්‍රිය ‘මාර්කෝනි ඇවිත්’ යන කෘතිය සහ ගුවන් විදුලිය පිළිබඳ කෘති කිහිපයක්
පළ කර ඇති ගුවන් විදුලි මාධ්‍ය පර්යේෂකයෙකි. ඔහු රජරට සේවය ඔස්සේ ප්‍රචාරය වූ නාට්‍ය, කැසට් පට දෙකක් මගින් ද
ප්‍රචාරය කර තිබේ.
ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ ප්‍රේමකීර්තිද
අල්විස් මහතා ‘රජරට මී බිඳු’ කවි වැඩ සටහන ආරම්භ කළේ 1980 වර්ෂයේ ය. ලිලී වඩුගේ
නිෂ්පාදකවරිය මෙම වැඩ සටහන මෙහෙය වූ 2004 වර්ෂයේ නිෂ්පාදන කණ්ඩායම හා කාව්‍ය
රචකයන්ගේ සහභාගීත්වයෙන් ‘මී බිඳු’ නමින් නිර්මාණ පදනමක් ගොඩ නගා ගැනීමට සමත් විය.
වැඩ සටහනට එවූ කවි අතරින් තෝරාගත් ‘අකඩ සර’ (2015), පොකුණු සර (2018) මුද්‍රණය කර තිබේ. මෙම
කෘති සංස්කරණය කළ අබ්දුල් කේ. සාදුකින් මහතා රජරට සේවයේ බාහිර ශිල්පියෙකි. රජරට
සේවයේ කාන්තා වැඩසටහන් සම්පාදකයෙකු වශයෙන් කටයුතු කරන අවදියේ ‘මල් පියලි’ නමින්
කාන්තා වැඩසටහනකට එවූ කවි පළ කළ අතර එය සංස්කරණය කළේ කරුණාරත්න ජයතිලක මහතා ය. රටේ
මුල්ලේ මුදන්නායක මහතා ස්වකීය ගුවන් විදුලි පද්‍යාවලි නිෂ්පාදන වැඩසටහන් අතුරින්
කෘතියක් රචනා කර තිබේ.
විද්වතුන්ගේ
අවධානය
ස්ටුවට් වේවල්ගේ ‘ගුවන් විදුලි
ශිල්පය’ කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දේ එච්. එම්. ගුණසේකර මහතා විසිනි.
සුගතපාල ද සිල්වා මහතාගේ ‘හඩ නළුව’ ගුවන් විදුලි නාට්‍ය රචනය පිළිබඳ ප්‍රායෝගික
කෘතියකි. ‘රජරට නාට්‍ය කලා සමීක්ෂා’ (1999) මහාචාර්ය සේන නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කරන ලද
රජරට නාට්‍ය පිළිබඳ පර්යේෂණ ග්රන්ථයකි. මහාචාර්ය සේන නානායක්කාර මහතා සහ මහාචාර්ය
කමල් වලේබොඩ මහතා ගුවන් විදුලි මාධ්‍ය පිළිබඳ වැඩිම කෘති රචනා කළ ආචාර්යවරුන්
වශයෙන් හැඳින්විය හැකි ය. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංස්කෘතික උපදේශක මණ්ඩලය 2017 ,2019 සහ 2020 ‘ගුවන් විදුලි සමීක්ෂා’
නමින් ශාස්ත්‍රීය කෘති තුනක් පළ කර තිබේ. නිර්මාණාත්මක ප්‍රායෝගික මෙන් ම ඓතිහාසික
තොරතුරුවලින් සමන්විත මෙම කෘති ප්‍රවීණ සංස්කාරක මණ්ඩලයක් විසින් සංස්කරණය කෙරිණි.
විමල් අබේසුන්දර - මහාචාර්ය එදිරිවීර සරච්චන්ද - මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ඇතුළු
ප්‍රවීණයන් විසින් ගුවන් විදුලි මාධ්‍ය පිළිබඳ ලියා ඇති ලිපි සහ කෘති එකතුව ගුවන්
විදුලි සංස්කෘතික මෙහෙවර බලවත් කරයි. සිංහල ක්‍රිකට් විස්තර ප්‍රචාර පැවැත්වීමේ
පුරෝගාමියෙකු වූ ප්‍රවීණ මාධ්‍යවේදී පාලිත පෙරේරා මහතා ඇතුළු මාධ්‍යවේදීන් පිළිබඳ
නිකුත් කළ කෘති තිබේ. ගුවන් විදුලි මාධ්‍ය පිළිබඳ පළ වූ පුවත්පත් ලිපි සංඛ්‍යාත්මකව
විශාල ය. ලෝක ගුවන් විදුලි දිනය හා විවිධ සැමරුම් ආශ්‍රිතව මෙම ලිපි පළ කර තිබේ.
විශ්වවිද්‍යාලවල ගුවන් විදුලි මාධ්‍ය පිළිබඳ සිදුකරන ලද පර්යේෂණ ග්රන්ථ රාශියක්
තිබේ. ගුවන් විදුලිය පිළිබඳ ලියන ලද සියලු ලිපි සහ ලේඛන නාමාවලියක් සකස් කිරීම අත්‍යවශ්‍ය
කරුණකි.
1946 පත් කරන ලද ගුවන් විදුලි සිංහල
උපදේශක සභාවේ සභාපතිවරයා වන්නේ ප්‍රාමාණික උගතෙකු වූ මුදලිඳු ඊ. ඒ. අබේසේකර මහතාය.
සෙසු සාමාජිකයන් වන්නේ මහාචාර්ය ජී. පී. මලලසේකර, දේවාර් සූරියසේන, එස්.ඒ. ද වීරසිංහ
දේවගැතිතුමා සහ ලයනල් එදිරිසිංහ මහතාය. මේ අතරින් ලයනල් එදිරිසිංහ සහ දේවාර්
සූරියසේන මහතුන් ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙහි රවීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ සෙවණෙහි
පුහුණු වූවෝ ය. කමිටු තෝරා ගැනීමේ දී සුදුසු පුද්ගලයන් තොරා ගැනීමට කටයුතු කිරීම
මගින් සංස්කෘතික මෙහෙවර බලවත් කර ඇති ආකාරය පැහැදිලි ය.
ශ්‍රී ලංකා ගුවන් විදුලියේ කොමිෂන්
සභා සහ කමිටු නිර්දේශ විමසුමට ලක් කිරීමේ දී සංස්කෘතික මෙහෙවර කෙරෙහි ප්රමුඛ අවධානය යොමු
කොට තිබේ. 1953 අප්‍රේල් 04 වැනි දා පත් කළ ඒ.ඊ.
වීරසුරිය කොමිසම,
1960 සරත්චන්ද්‍ර
කමිටුව,
1965 හුලුගල්ල
කොමිසම,
1970 විරසුරිය
කොමිසම. 1977 ටී.බී.එම්. ඒකනායක කොමිසම, 1981 පූජ්‍ය හෙටිටමුල්ලේ වජිර
බුද්ධි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ කොමිසම, 1985 සරත් පෙරේරා කොමිසම, 2010 මහාචාර්ය කෝලිත භානු
කොමිසම වාර්තා ඉදිරිපත් කර තිබේ (හෙට්ටිආරච්චි 2017:45-58). මෙම සෑම කොමිසන් වාර්තාවකින්ම සංස්කෘතික
මෙහෙවර පිළිබඳ කරුණු දක්වා තිබේ. මෙම වාර්තා ඇසුරින් හඳුනාගත හැකි ප්‍රධානතම සාධකය
වන්නේ වැඩසටහන්වල ගුණාත්මකභාවය වර්ධනය කිරීම, උසස් සංගීතය ප්‍රචාරය කිරීමට කටයුතු
කිරීම සහ වැඩසටහන් සඳහා පහසුකම් සැපයීමේ අවශ්‍යතාවයි. මෙම කොමිසන් සභා වාර්තා
විමසීමෙන් පැහැදිලි වන කරුණක් වන්නේ, වැඩසටහන්වල ගුණාත්මකභාවය අභියෝගයට පත්වෙමින් ඇති බවකි.
මේ සඳහා බලපෑ කරුණ පිළිබද විමසීම කාලෝචිත අවශ්‍යතාවකි.
ගුවන්
විදුලි ගීත නාටක
ගුවන් විදුලි නාට්‍ය ආකර්ෂණය දිනාගත්
වැඩ සටහන් ශානරයකි. මුල් ම ගුවන් විදුලි නාට්‍ය බි්රතාන්ය නාට්‍ය පිටපත් ඇසුරින්
ඉංග්‍රීසී මාධ්‍යයෙන් ඉදිරිපත් කර තිබේ. පසුකාලීනව ටවර්හෝල් නාට්‍ය ශිල්පීන්ගේ
නාට්‍ය ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කර තිබේ. 1939 රුවන්වැලි සෑයෙහි කොත
නිරාවරණය කරමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කෙටි නාට්‍ය තුනක් ප්‍රචාරය වී ඇත. 1948 නිදහස් දිනය ඇසුරින්
පෙබරවාරි මාසය තුළ නාට්‍ය 6 ක් ප්‍රචාරය වී තිබේ. 1950න් පසුව ගුවන් විදුලි
නාට්‍යවල ප්රබෝධයක් දැකිය හැකි ය. විශ්ව සාහිත්‍යයේ සම්භාවනාවට ලක් වූ විදෙස්
කෘති නාට්‍ය ලෙස ප්‍රචාරය කර තිබේ. දේශීය සාහිත්‍යකරුවන්ගේ උසස් කෘතින් ආශ්‍රය කර
ගනිමින් නාට්‍ය රචනා කර ඇති අතර ඒකාංග නාට්‍ය වෙනුවට නවකතා හා සුප්‍රකට සාහිත්‍ය
කෘති නාට්‍ය ලෙස පළ කර තිබේ. මාර්ටින් වික්‍රමසිංහගේ ‘රෝහිණී’ ‘ගෙම්පෙරළිය’
‘විජිතා’ සහ ලෙනාඩ් වුල්ෆ්ගේ ‘බැද්දේගම’ ආර්. එස්. ස්පිට්ල්ගේ ‘වන සරණ’, ‘මැකී ගිය දඩමං’ දොස්තර
ලූෂන් සිල්වාගේ ‘දේව ක්‍රියා‘ ‘චණ්ඩාල ස්ත්‍රිය’ පියදාස සිරිසේනගේ ‘ජයතිස්ස සහ
රොසලින්’ නවකතාව මෙන්ම ටී. ජී. ඩබ්ලිව් ද සිල්වාගේ ‘වැදි බණ’ ගුවන් විදුලි නාට්‍ය
නිෂ්පාදනය කර තිබේ (නානායක්කාර,
2007:100). ගුවන්
විදුලි රඟමඩල, විශ්ව සාහිත්‍යයෙන් නාට්‍ය
ශ්‍රාවක රස වින්දනය ඉහළ තලයකට ඔසවා තිබේ. සුගතපාල ද සිල්වා ගුවන් විදුලි නාට්‍ය
නිෂ්පාදනයට පිවිසීම ගුවන් විදුලි නාට්‍ය මිනිස් ජීවිත කියවන කලාවක් බවට ඔසවා
තැබීමට සමත් වී තිබේ. මහාචාර්ය සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍ය රුසක් මුල් වරට ප්‍රචාරය
වූයේ ගුවන් විදුලියේ ය.
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, විමල් අබේසුන්දර ප්‍රවීණ
ගීත නාටක රචකයෝ ය. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ‘සුසාන ගෝපිකා’ සහ ‘තල අහුර’ නමින්
ගීත නාටක දෙකක් නිර්මාණය කර ඇත. ‘කඩුපුල් උයන’ සුනිල් ආරියරත්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුව
සිටින අවදියේ ඔහු විසින් ලියන ලද ප්‍රථම ගීත නාට්‍යයයි. ප්‍රේමසිරි කේමදාස, සෝමදාස ඇල්විටිගල ගීත
නාට්‍ය සඳහා සංගීතය සැපයූ ප්‍රමුඛයෝ ය. ‘කුරුලු බැද්ද’, ‘දිය නිල්ලේ රාළ’, ‘කිවුලේ ගෙදර’
‘මුවන්පැලැස්ස’ පහන් සිළුව’ ගුවන් විදුලි නාට්‍ය වශයෙන් පමණක් නොව සංවර්ධන පණිවිඩ
ජනගත කිරීමට හේතුවිය. පෝදා නාට්‍ය, කිතුනු නාට්‍ය මෙන්ම මුස්ලිම් සේවය ප්‍රචාරය කළ නාට්‍යවල
සංස්කෘතික මෙහෙවර බලවත් කර තිබේ. මර්වින් සේනාරත්න රචනා කළ ‘සුගන්දිකා’ (1988) අතිශය ජනප්‍රසාදයට පත් වූ
නාට්‍යයකි.
ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උලෙළ
ආරම්භ වන්නේ ගුවන් විදුලි සේවය ආරම්භ වී වසර 92කට පසුව ය. 2017 දී පැවැත්වූ ගුවන් විදුලි
රාජ්‍ය සම්මාන උලෙළේ දී ළමා නාට්‍ය සඳහා සම්මානයක් පිරිනමා නොතිබිණි. සම්මාන ප්‍රදාන
උලෙළේදී උපදේශක කමිටුවේ සභාපති වූ මහාචාර්ය සේන නානායක්කාර මහතා සඳහන් කළේ සලකා
බැලීමට තරම්වත් ප්‍රමාණවත් ආකාරයට ළමා ගුවන් විදුලි නාට්‍ය නොමැති බවයි. එහෙත් වසර
දෙකකට පසු විශිෂ්ට ගණයේ ළමා නාට්‍ය ඉදිරිපත් විය. 2017 ගුවන් විදුලි රාජ්‍ය
සම්මාන උත්සවයේ දී හොඳම නාට්‍යයට හිමි සම්මානය ලබා ගත්තේ ශ්‍රී ලංකා ගුවන්
විදුලියේ වජිර ඉන්දික පෙරේරා නිෂ්පාදනය කළ ‘අමරවරම’ නාට්‍යයයි. හොඳම නාට්‍ය
ශිල්පිනිය ලෙස නිලිකා මද්දුමත් ශිල්පියා ලෙස ලාල් සරත් කුමාර ශිල්පියාත් නම් කළේ
ය. හොඳම පිටපත රජරට සේවයට මාලක දේවප්‍රිය රචනා කළ ‘රඟ දෙන කපුවෝ’ නාට්‍ය පිටපතයි.
මෙම සම්මාන උලෙළේ සම්මානිත නාට්‍ය ශිල්පි සියල්ලෝම ශ්‍රී ලංකා ගුවන් විදුලි
සංස්ථාවට අයත් වූවෝ ය. මෙයින් පැහැදිලි වන්නේ නාට්‍ය ආකෘතිය නාට්‍ය රචනය, නාට්‍ය රඟපෑම සහ
නිෂ්පාදනය අද ද ඉහළ ස්ථරයක පවතින බවයි.
ගුවන්
විදුලි රාජ්‍ය සම්මාන
ගුවන් විදුලි ගීත සාහිත්‍ය කර තිබෙන සමාජ මෙහෙවර වෙසෙසා අගය කළ යුත්තකි. දේශීය ජන සංගීතය, හින්දුස්ථානි, කර්ණාටක මෙන්ම බටහිර සම්ප්රදායන්හි බලපෑමෙහි පවතින ගුවන් විදුලිය බිහි කළ ගීත නිර්මාණ ගායකයන් මෙන්ම වාදක පරපුර ඉටු කර ඇති සංස්කෘතික මෙහෙවර වෙනම අධ්‍යයනයකට විෂය කරගත යුතු මාතෘකාවකි. වර්තමානයේ ජනප්‍රිය රියැලිටි සන්දර්ශනවල ජයග්‍රාහකයෝ සම්මානිත වන්නේ බොහෝ විට ගුවන් විදුලිය නිර්මාණය කළ ගීත ගායනා කරමිනි. වේදිකා නාට්‍ය, නාඩගම්, රූකඩ මෙන් ම කැසට් ගීත සංගීතය ජනප්‍රිය වූයේ ගුවන් විදුලිය නිසා ය. ගුවන් විදුලිය නොවී නම් අප ජන සම්ප්රදායේ ගීත සාහිත්‍යය කාව්‍ය ගායනා මතකයෙන් ගිලිහී යන්නට ඉඩ තිබිණි. සී. ද ඇස්. කුලතිලක ඇතුළු පර්යේෂකයන් ජන නාද රටා එක්කොට සංරක්ෂණය කර තිබූ අද්‍යතන ගීත සාහිත්‍යයේ අතිබහුතරයක නිර්මාණ දායකත්වය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු ය. 95 වසරක සිංහාවලෝකනය මෙම සංස්කෘතික මෙහෙවරෙහි විශිෂ්ටත්වය පැහැදිලි කරයි. ලොව බොහෝ රාජ්‍යයන්ට නොමැති ගුවන් විදුලි ඉතිහාසයක් සහ අද්දැකීමක් ඇති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට ඉටුකරන ලද සංස්කෘතික මෙහෙවර බලාත්මක කිරීමට සම්පත් ගබඩා සහ නිර්මාණශීලි පුද්ගලයෝ සිටිති. අවශ්‍ය වන්නේ අවංකව කැපවීම් සහ ජාතික සංස්කෘතික පුනරුදය සඳහා සැබෑ නායකත්වයක් සහ සම්පත් ලබාදීම ය. ගුවන් විදුලිය පුළුල් ජාතික අස්පර්ශ උරුමයක් ආරක්ෂා කරගෙන සිටින බව අවබෝධ කරගත යුතු කරුණකි.