SLBC

SRI LANKA BRODCASTING CORPORATION

Ministry of Mass Media

City FM

 Listen to the City FM radio

 

ශ්‍රී ලාංකීය ජන මනස් පුබුදු කරමින්ලාංකීය රේඩියෝ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් 1989 නොවැම්බර් 03 වැනි දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිටි එෆ්එම් සේවය ලංකාවේ පළමු එෆ් එම් නාලිකාව ලෙස ස්ථාපිත විය.

එවකට සභාපති ව සිටි හඩ්සන් සමරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ ආරම්භ වූ සිටි එෆ්එම් නාලිකාව මුලින්ම ආරම්භ වූයේ ,භාෂාත්‍රයෙන් ම ගීත ප්‍රචාරය වූ නාලිකාවක් ලෙසයි.
එෆ්.එම් 89.6 සහ එෆ්.එම් 89.8 අති ප්‍රබල  තරංග මාලා ඔස්සේ දිවයිනම ආවරණය වන පරිදි පැය 24 පුරා විසුරුවා හරින අප නාලිකාවආගමික, සංස්කෘතික   අධ්‍යාපනික,  සංගීතමයරසවින්දනාත්මකවිනෝදාස්වාදජනක හා කාලීන වශයෙන් වැදගත් ,ජාතික වශයෙන් වගකීම් දරන තාරුණ්‍යයේ නාලිකාව ලෙස ශ්‍රාවක විශ්වාසය හා ගෞරවය දිනා ගැනීමට සමත්ව ඇත.

ආරම්භයේ දී චන්දන තිලකරත්න ,සුජීව හරිස්චන්ද්‍ර ,මයුරි අබේසිංහ ,පුණ්‍යා කුමාරි ලොකුලියනස්වර්ණ ගුණවර්ධන ,අශෝක කරුණානායක ,අජිත් ඉන්ද්‍රජීත් විජේසේන යන ප්‍රවීණයන්ගෙන් රසවත් වූ සිටි එෆ්එම් නාලිකාවට අරුණ් ඩයස් බණ්ඩාරනායක ,රිචඩ් ද සොයිසා ,රාජේශ්වරී ෂන්මුගම්ජයක්‍රිෂ්ණ රාජා වැනි ඉංග්‍රීසි හා දමිළ නිවේදකයින්ගෙන් ලැබුණු ආලෝකය සුළුපටු නොවේ.

ඉතාම ඉක්මනින් ශ්‍රී ලාංකීය ශ්‍රාවකයා අතර ජනප්‍රියත්වයට පත්වූ අප නාලිකාව ,අද වනවිට එෆ්එම් 89.6 සහ 89.8 ඔස්සේ ලංකාවම ආවරණය කරමින් අති සාර්ථක වැඩසටහන් පෙළගැස්ම ද සහිතව ඉදිරියට ගමන් කරමින් සිටීබාල,බොළඳ රසවින්දනය වෙනුවට ,අර්ථවත් සන්නිවේදනය තුළින් ජන මනස එකලු කරන අපිආරාධනා ස්වර දැහැන ,ලස්සන උදෑසන,අපේ රට යන අතයූ ටර්න් ,සවස වෙනස,හතර හය,ශනිදා කරළිය,සිනමා සිටි,මෙලඩි ඔෆ් රිදම්ජොබ් සිටි,පෝය දින වැඩසටහන් ඇතුළු එකිනෙකට වෙනස් රසයන්ගෙන් යුත් අර්ථවත් වැඩසටහන් පෙළක වර්තමාන උරුමකරුවන් වන්නෙමු.

 

එසේම ජාතික වශයෙන් වගකීම් සහිත පූර්වාදර්ශ සපයන තාරුණ්‍යයේ නාලිකාව ලෙසත් , වසර 30 කට වැඩි අභිමානය සහ ජාතික ගුවන්විදුලියේ පෞඩත්වයත් ලොව පුරා පතුරුවන  ශ්‍රී ලංකාවේ පරමාදර්ශී ගුවන්විදුලි නාලිකාව ලෙසත් අපි ශ්‍රාවක ඔබ සමඟ හදවතින්ම බැඳී සිටින්නෙමු