දැක්ම
යහපත් ගුණාත්මක ඉහළ රසවින්දනයකින් යුත් මාධ්‍ය මෙහෙවරක නියැලීම.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කටයුතු ව්‍යාප්ත කිරීම සහ ප්‍රජා සහභාගීත්වය ලබා ගනිමින් රුහුණේ ප්‍රෞඪ සංස්කෘතිකාංග රැකගනිමින් අනාගත පරපුර වෙත රැගෙන යාම හරහා ගුවන්විදුලිය ජනතාවට වඩාත් සමීප කිරීම.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දෙවන ප්‍රාදේශීය සේවාව වන රුහුණු සේවය 1980.02.03 වන දින ආරම්භ විය. රුහුණු සේවයේ වැඩසටහන් 107.3 FM / 107.5 FM ඔස්සේ විකාශනය කෙරේ. මෙහි ආවරණ කලාප දකුණ, ඌව, සබරගමුව පළාත් සහ අම්පාර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක පැතිර පවතී.