SLBC

SRI LANKA BRODCASTING CORPORATION

Ministry of Mass Media

Wayamba Radio

 Listen to the Wayamba Radio

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය සේවාවක් ලෙස 2009 වසරේ පෙබරවාරි 07 වන දින කුරුණෑගල නිශ්ශංක මාවතේ ගොඩනැගිල්ක වයඹ හඬ ගුවන් විදුලිය ආරම්භ කරන ලදී. එවකට ජනමාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා , ජේෂ්ඨ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ, ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සමන්ත වැලිවේරිය යන මහත්වරු මෙම සේවාව ආරම්භ කිරීමෙහි ලා පුරෝගාමී විය. ප්‍රවීණ මාධ්‍යවේදී ගාමිණී විජේවර්ධන මහතා ගේ නායකත්වය සමග හෙළජීව රන්දෙණිය, ජනක අලුත්වත්ත, සෑම් විමලධ3⁄4, ප්‍රසන්න චන්දන බණ්ඩාර, කුමාරී ගුණරත්න, නයෝමි බෝපෙගෙදර, සිසිර තොටපලකුඹුර යන කණ්ඩායම එක්ව වයඹ හඬ සාර්ථක ආරම්භයක් සනිටුහන් කරන ලදී.

ප්‍රවීණ මාධ්‍යවේදීන් වන ස්වර්ණ ගුණවර්ධන, වීරසිංහ කරුණානායක, ෆවුසුල් හසන්, යන මහත්වරුන්ගේ සේවය ද වයඹ හඬ වෙත ලැබුණි. ආරම්භයේ සිටම සන්නිවේදක සංචිතය සදහා තෝරා ගැනුනේ වයඹ දක්ෂ තරුණ තරුණියන්ය. වයඹ දු දරුවන්ටද එදා මෙදා තුර වයඹ ගුවන් විදුලියේ අවස්ථා හිමි වන්නේ වයඹ ළමා ශිල්පී සංචිතයට එක්වීමට ලැබෙන අමිල අවස්ථාව සමගය. සියළු වැඩසටහන් සදහා සම්පත්දායකත්වය වයඹ විද්වතුන්ගෙන් ලබා ගැනුනි.